මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්මේලනය අද

    නොවැම්බර් 29, 2014
    වාර්ෂික ව පවත්වනු ලබන "පළාත් ආණ්ඩුකාරවර සම්මේලනය" අද (29) පෙරවරු 8.30ට කතරගම මන්දාරා රොෂේන් හෝටලයේ දී ආරම්භවීමට නියමිතය.
     
    මෙම සම්මේලනය මෙවර පැවැත්වෙන්නේ 17 වැනි වරටය. මීට පෙර එම වසරේ සභාපතීත්වය දැරූ සබරගමුව ආණ්ඩුකාරවර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා විසින් මෙහිදී එහි සභාපතීත්වය ඌව පළාත් ආණ්ඩුකාරවර සී. නන්ද මැතිව් මහතා වෙත භාරකෙරෙන අතර ඒ අනුව පළාත් ආණ්ඩුකාරවර සම්මේලනයේ ඉදිරි වසරක කාලය සඳහා ඌව ආණ්ඩුකාරවර සී. නන්ද මැතිව් මහතා විසින් සභාපතීත්වය දරනු ලබයි.
     
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට ලැබී ඇති බලතලවලට අනුව පළාත්වාසී ජනතාවගේ උන්නතිය පිණිස පළාත් සභාවල ක්‍රියාකාරීත්වයට මගපෙන්වීම හා දිරිමත් කිරීමත්, පළාත් අතර අන්තර් සම්බන්ධතා පුළුල් කර ගැනීමත් වැනි අරමුණු රැසක් මත මෙම සම්මේලනය වාර්ෂික ව පැවැත්වේ. 
     
    මෙහිදී ගනු ලබන තීරණ හා යෝජනා මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට ඒ ඒ පළාත්වලට සුදුසු ලෙස ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
     
    මෙම 17 වන ආණ්ඩුකාරවර සම්මේලනය සඳහා ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස බලල්ල, සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු ද ඒ ඒ ආණ්ඩුකාර ලේකම්වරු හා මධ්‍යම රජයේ නියෝජිතවරු පිරිසක් ද සහභාගීවීමට නියමිතය. 
     
    DB/SH_dmu_badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya