මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට

    නොවැම්බර් 29, 2014
    ගරාවැටෙමින් තිබූ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර නවීන ප්‍රාථමික අංශයක් ලෙස සිසු අයිතියට පැවරීම රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) සිදු විය.
     
    ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ මුල්‍ය දායකත්ව‍ය යටතේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරුණු මෙම ගොඩනැගිලි සංකීර්ණය නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතය.
     
    මේ වන විට විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා පිරිමි දරුවන් 1600ක් පමණ ඉගෙනු ම ලබති. 
     
    වසර 193ක ඉතිහාසයක් ඇති දිවයිනේ පැරණිතම පාසල් අතරින් එකක් වන කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ඉපැරණි නේවාසික‍ ගොඩනැගිලි ‍දිගු කාලයක සිට ගරා වැටෙමින් පැවතිණ. 
     
    මේ පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කළ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා එහි දරුවන්ගේ ආරක්ෂාව හා පහසුව වෙනුවෙන් නේවාසිකාගාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට සහ නාවික හමුදාව වෙත පැවරීය.
     
    මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ඉසුර දේවප්‍රිය, ජගත් පුෂ්ප කුමාර, කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහත්වරු, විදුහල්පතිතුමන් ඇතුළු ගුරු භවතුන් සහ සිසු දරුවන් මෙන් ම දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගි වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya