අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ධීවර ක්‍ෂේත‍්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්

    නොවැම්බර් 27, 2014

    ගෙවී ගිය වසර 5ක කාලය සමඟ සන්සන්දනය කරන විට මෙරට ධීවර ක්‍ෂේත‍්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    මේ අනුව වර්ෂ 2008 දී මෙරට වාර්ෂික මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් 319,120ක් වූ අතර එය 2012 වන විට මෙට්රික් ටොන් 486,170ක් දක්වා 55%කින් වැඩි වී තිබේ.  මෙය ඉතිහාසයේ වැඩි ම මත්ස්‍ය අස්වැන්න ලෙස ද වාර්තා වේ.  එසේම 2008 වසරේ දී සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් රුපියල් බිලියන 68ක් හෙවත් රුපියල් මිලියන 67,934ක වටිනාකමක් ලැබූ අතර එය 2012 වන විට රු. බිලියන 135ක් හෙවත් රු. මිලියන 134,967ක් දක්වා 100%කින් වැඩි වී තිබේ.

    එසේම 2008 වසරේදී මෙරට බහු දින යාත‍්‍රා සංඛ්‍යාව 2,809 ක් වූ අතර එය 2012 වන විට 4,080 දක්වා 45%කින් වැඩි වී තිබේ.  එසේ ම 2008 දී මිරිදිය යාත‍්‍රා සංඛ්‍යාව 6,600ක් වූ අතර එය 2012 දී 9,130 දක්වා 45%කින් ද වැඩි වී තිබේ.  එසේම සමස්ත යාත‍්‍රා සංඛ්‍යාව 2008 දී 43,640ක් විය.  එය 2012 දී 62,720 දක්වා 43%කින් වැඩි වී තිබේ.

    මෙරට ක‍්‍රියාකාරී ධීවරයින්ගේ සංඛ්‍යාව ද ගෙවි ගිය පස් වසර තුළ  40%කින් පමණ වැඩි වී තිබේ. එනම් 2008 දී මෙරට සිටි පිරිමි හා කාන්තා ක‍්‍රියාකාරි ධීවරයින්ගේ සංඛ්‍යාව 162,470ක් වූ අතර එය 2013 වන විට 222,160ක් දක්වා වැඩි වී තිබේ.

    මේ අනුව දක්නට ලැබෙන්නේ ගෙවී ගිය වසර 5 තුළ ධීවර ක්‍ෂේත‍්‍රයේ සිදු වූ සංවර්ධනය බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya