මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාව සමාජය තුළ ඔසවා තැබුවේ මහින්ද චින්තනයෙන්

    නොවැම්බර් 28, 2014
    මහින්ද චින්තනයෙන් කාන්තාව සමාජය තුළ ඔසවා තබන්නට ශක්තිමත් පවුරක් ගොඩනැගුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණක් ම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඊයේ (27) පෙරවරුවේ, කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ජාතික සංවිධායක, ආර්ථික  සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා  මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා සංවිධානයේ අනුශාසිකා පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවතිණි.
     
    කාන්තාව ශක්තිමත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂා කරගැනීම, කාන්තාව සතු අද දවසේ යුතුකම හා වගකීම වන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළාය. 
     
    "අතිගරු ජනාධිපතිතුමා නායකත්වයට පැමිණි දා සිට කාන්තාවන්ට වැඩි ම සේවාවක් කළ නායකයා එතුමා ලෙස අපට දැනෙනවා. විශේෂයෙන් යුද්ධයේ ගිනිදැල් නිමා කරමින්, යුද්ධයෙන් වැඩි ම පීඩාවක් විඳි කාන්තාවන්ගේ දුක් ගිනිදැල් නිමා කළේ එතුමා නිසයි. කුරිරු ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවලා පාසල් දරුවෝ ලේ පෙරාගෙන ඉස්පිරිතාලවලට ගෙනියද්දි, දරුවන් ආරක්ෂා කරන්න පාසල් මුර කළේ අපේ අම්මලා".
     
    "අතිගරු ජනාධිපතිතුමා 2005 ජනාධිපති ධූරයට ඇවිත්, 2009 වෙද්දි යුද්ධය නිමා කළා. එහි ප්‍රතිලාභ වැඩිපුරම හිමිවුණේ කාන්තාවන්ටයි. උපාධිධාරී 75,000කට රැකියා ලබාදීලා, ගෙදර උපාධිධාරි දරුවෙක් විරැකියාවෙන් ඉන්න එක ගැන දුක්වුණ අම්මාවරුන්ට සහනයක් ලබා දුන්නේ අපේ ජනාධිපතිතුමා. මහපොළ ශිෂ්‍යාධාරය රු. 4000.00ක් බවට පත් කරලා, විශ්වවිද්‍යාල දරුවන්ගේ වුවමනාවන් සපුරලා අම්මලාගේ දුක් නිමා කළේ අපේ ජනාධිපතිතුමා. රණ විරුවන්ගේ භාර්යාවන්ට මහා සැලකිල්ලක් දක්වමින්, නැවතත් මේ රටට කවදාවත් යුද්ධයක් නොඑන්නට කටයුතු කළේ අපේ ජනාධිපතිතුමා. ඒ වගේම එතුමාගේ මහින්ද චින්තනයේ මුල්තැන දීලා තියෙන්නෙත් අම්මාවරුන්ටයි".
     
    "ඒ විදිහට කාන්තාවන්ට මහා සහන රැසක් ලබාදීලා, කාන්තාවන්ගේ දුක් ගින්දර නිවාදැමූ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ විජයග්‍රහණය සඳහා අපේ කාන්තාවෝ පෙළ ගැසෙමින් සිටින එක අපට මහත් ශක්තියක්, වාසනවක් " යැයි ද අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
     
    මෙම අවස්ථාවට රණ විරු අධිකාරියේ සභාපති පත්මා වෑත්තෑව, ළමා රක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක යන මහත්මීන් ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධාන නියෝජිතවරියෝ 500කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya