මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු අධ්‍යක්ෂවරුන්ගේ සම්මන්ත‍්‍රණය - 2014

    නොවැම්බර් 27, 2014

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව පවත්වන බැංකු අධ්‍යක්ෂවරුන්ගේ සම්මන්ත‍්‍රණය ‘‘2020 ඉදිරි දැක්ම: මූර්ත ආර්ථිකය උදෙසා බැංකු අංශය සමගාමීකරණය’’ යන තේමාව යටතේ ඊයේ (26) පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.


    ඇමෙරිකානු ඩොලර් බිලියන 150ක ආර්ථිකයක් සහ ඇමෙරිකානු ඩොලර් 7000 ඉක්ම වූ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව, ඒ තුළින් මූර්ත ආර්ථිකය තුළ ඇති විය හැකි අවශ්‍යතා සහ වෙනස්කම් අනුව සමගාමී වීමේදී බැංකු අංශයෙහි කාර්යභාරය සාකච්ඡා කිරීම වැදගත් වේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂාව විය.

    ඒ අනුව, ශ‍්‍රී ලංකාව 2020 ඉදිරි දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා යන ගමනේ දී බැංකු මඟින් සිදු කරනු ලබන උපාය මාර්ගික කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිණිස විශේෂයෙන්ම පරිවර්තනීය වෙනසක් සඳහා නායකත්වය දීම උදෙසා මෙම වසරේ සම්මන්ත‍්‍රණය මනා පිටිවහලක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

    ‍මෙම සම්මන්ත‍්‍රණයේ දී බැංකු අධ්‍යක්ෂවරුන්ගේ උපාය මාර්ගික නායකත්වය පිළිබඳ විශේෂයෙන් අවධාරණය කරමින් ගෝලීය පරිසරයෙහි ඉස්මතු වන නව ප‍්‍රවණතා, බැංකු සඳහා ණය ශ්‍රේණිගතකරණයෙහි වැදගත්කම, ඩිජිටල් යුගයෙහි බැංකුකරණය මුල්කර ගෙන පරිවර්තනීය වෙනසක් සහ බලගැන්වීම සඳහා උපාය මාර්ගික සැලසුම්කරණය සහ වෙන් වෙන් වශයෙන් අවදානම් කළමනාකරණය කිරීමෙන් බැහැර වී මෙහි වැදගත්කම යන මාතෘකා පුළුල් ලෙස බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සාකච්ඡාවට බඳුන් කෙරිණි.

    මෙම සම්මන්ත‍්‍රණයේ දී 2020 ඉදිරි දැක්ම ළඟා කර ගැනීමේ දී මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සහ නව අවස්ථා සොයා ගැනීමට බැංකු අංශය සඳහා ඇති සුවිශේෂී කාර්යභාරය සම්බන්ධයෙන් අදහස් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද අවස්ථාවක් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya