මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය යථාර්ථයක් ‍කරමින් පොලොන්නරුවට බිත්තර වී සහනාධාර

    නොවැම්බර් 27, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2015 අය-වැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ බිත්තර වී සහනාධාර වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත එම සහනාධාර හෙට (28) ලබාදීමට නියමිතය.
     
    නියඟයෙන් පීඩාවට පත් ගොවි ජනතාව සඳහා සහනාධාර ක්‍රමයක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. මේ යටතේ බීජ වී බුසලක් සඳහා රුපියල් 1400ක් බැගින් අක්කර 5ක උපරිමයක් දක්වා දිස්ත්‍රික්කයේ සමස්ත ගොවිජනතාව වෙතට ලබාදීමට කටයුතු කරන බව පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලි ජයලත් මහත්මිය පැවසුවාය.
     
    ගොවිජන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල මගින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි ජනතාවට මෙම සහනාධාරය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකම  හෙට දිනයේ මෙම වැඩපිළිවෙළ  දියත් කරන අතර මෙම අවස්ථාවන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    DB/ KA - dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya