මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම් ඇතුළු කණ්ඩායමක් උතුරු ප්‍රදේශයේ සංවාරයක

    නොවැම්බර් 26, 2014
    කඳුරට විසූ ඉන්දීය පුරවැසිභාවය හිමි පුරවැසියන් බොහෝ කාලයක සිට, උන් හිටිතැන් නොමැති ව අවතැන් ව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගොස් යුද්ධය පැවති යුගයේ හා යුද්ධය අවසන් වන තුරු තමන්ගේ දේපළ හා මුලික අයිතිවාසිකම්වලින් තොරව හිස් අතින් බොහෝ දුෂ්කරතා මාධ්‍යයේ ජීවත් වූහ.
     
    එම ජනතාව හමු වී ඔවුන්ට ඇති වී ඇති ගැටලු පිළිබඳ ව සොයා බැලීම සඳහා පසුගිය දිනයන් හි (22,23) ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වවුනියා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වූහ.
     
    එම කණ්ඩායම විසින් එකී ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් යටිතල පහසුකම් සංවර්ධනය හා විවිධ ව්‍යාපෘති ඔස්සේ සැලසෙන වාසි නිසියාකාර ව ඔවුන්ට ලබා දීම  පිළිබඳ ව මෙහිදී සොයා බලන ලදී. 
     
    හිටපු අමාත්‍යවරයකු වු දිවංගත සෞම්‍යමුර්ති තොන්ඩමාන් මහතාගේ කාල වකවානුවේ දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව හට ඇති වූ ගැටලු හා අඩුපාඩුකම් සෙවීමට හා ඒවා ඉදිරිපත් කිරීමටත් නියෝජිතයන් පත් කොට ඔවුන් හරහා උතුරු පළාතේ වවුනියා, මන්නාරම හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාල පිහිටුවන ලදී.
     
    ඉන්දීය සම්භවයක්, පුරවැසිභාවයක් ඇති ජනතාව ලංකාවේ කොහෝ කොතැනක ජීවත් වුවත් ඔවුන් හඳුනාගෙන එම අයට මූලික පහසුකම් නියමිත වේලාවට අවශ්‍ය පරිදි සපයා දීම අද වන විට ලංකා කම්කරු කොංග්‍රසයේ අරමුණ බව වවුනියා සංචාරයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    මේ අතරතුර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති ජනතාවගේ ප්‍රධානත ම ගැටලුවලින් එකක් වන ඉඩම් ඔප්පු ප්‍රශ්නය සම්බන්ධයෙන්  අමාත්‍යවරයාගෙන් විමසා සිටින ලදී. ඔවුන්ට ඔවුන් ජීවත් වන ඉඩම්වල ඉඩම් ඔප්පු ලබා දෙන ලෙස එහිදී ඉල්ලා සිටියහ.
     
    මෙම කරුණු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග හා පානීය ජලය, මාර්ග සංවර්ධනය, විදුලි පහසුකම් හා පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධ සංවර්ධන වැඩසටහන් සැලසුම් කොට සිය අමාත්‍යංශය මගින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට හැකි ඉක්මණින් කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ජනතාවට දන්වා සිටියේය.
     
    මෙම වැඩසටහන් දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් නොව හුදෙක් ජනතාවගේ සංවර්ධනය සඳහා පමණක් බවත් එකම බලාපොරොත්තුව ඉන්දීය සම්භවයක් ඇති ජනතාවට රටේ අනිකුත් ජනතාව මෙන් ම සිය ජීවන තත්ත්වය දුෂ්කරතාවයෙන් තොර ව කර ගෙන යාමට සලසා දීම බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    මෙම ප්‍රදේශවල ජීවත් වන රැකියා වියුක්ත තරුණ තරුණියන් හට ස්වයං රැකියා සඳහා සියලු ම විධිවිධාන සකස් කිරීම හා ඔවුන්ට ඒ සඳහා අත්වැලක් වීමට එළුවන් ගවයන් ලබා දීමටත්, සුළු කර්මාන්ත ආරම්භ කිරීම සඳහා අඩු පොලී සහන යටතේ ණය ආධාර ලබා දීම, අඩු ආදායම්ලාභි වැඩිහිටියන් හට ඇස් කණ්නාඩි ලබා දීම, විවිධ අනතුරුවලින් අත පය අහිමි වු ජනතාව සඳහා කිහිලි කරු හා රෝද පුටු යනාදීය සපයා දීමත් සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනම යටතේ ඇති ප්‍රජා ශක්ති, නව ශක්ති පදනම් ව්‍යාපෘති හරහා සිදු කෙරේ.
     
    මෙම සංචාරයේ දී අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම විසින් වවුනියාවේ නේරියමොට්ටෙයි, තාලිකුලම්, සිවපුරම්, මණිපුරම්, කණිකුලම් හා ගනේෂපුරම් යන ප්‍රදේශවල ජීවත් වන ජනතාව සමග සාකාච්ඡා කොට ඒ ඒ අය නියෝජනය වන පරිදි ඔවුන්ට ඇති වන ගැටලු සඳහා විසදුම් ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය දැනුවත් කිරීම සඳහා  නියොජිතයන් පත් කර ගන්නා ලදි. එමඟින් එම නියොජිතයන් මඟින් ජනතාව හා අමාත්‍යවරයා අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ.
     
    මෙම සංචාරය සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලංගම්, ඌව පළාත් මහා මාර්ග අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය මුත්තයියා රාම සාමී, මධ්‍යම පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පිලිප් කුමාර්, ඒ.පී. කනගරාජා , එම්. රමේෂ්, කනපති කනගරාජා හා තුරෙයි මදියෝගරාජා යන මහත්වරු ද අඹගමුව ප්‍රාදේශීය සභාපති වේල්ලායන් දිනේෂ්, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ. ගනේෂ්මුර්ති , ඒ.සිවලිංගම්, ලංකා කම්කරු කොංග්‍රස් කාන්තා නිලධාරීන්, ප්‍රජා ශක්ති, නව ශක්ති වැඩසටහන් සම්බන්ධීකාරක නිලධාරීන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya