මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළට

    නොවැම්බර් 23, 2014
    උතුරු පළාතේ ස්වර්ණාභරණ කර්මාන්තය දියුණුකර එම ප්‍රදේශයන්හි සිටින සාම්ප්‍රදායික ස්වර්ණාභරණ නිෂ්පාදකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යාම සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත.
     
    ඒ අනුව යාපනය හා වවුනියා දිස්ත්‍රික්කයන් හි සිටින සාම්ප්‍රදායික ස්වර්ණාභරණ නිෂ්පාදකයන් ස්වර්ණාභරණ ප්‍රමිතිකරණය පිළිබඳ ව දැනුවත් කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුග්‍රාහකත්වයෙන් වැඩමුළු දෙකක් පවත්වා ඇත.
     
    මොරටුව විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය එම්.ඒ. පියසිරි මහතාගේ මෙහෙයවීමෙන් යාපනය වාණිජ මණ්ඩල පුහුණු ශාලාවේ දී හා වවුනියා පුහුණු හා සම්පත් මධ්‍යස්ථාන ශාලාවේ දී ඉතා සාර්ථක අන්දමින් මෙම වැඩමුළුව පැවැත්විණ.
     
    නිවැරදි ප්‍රමිතියට හා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන පරිදි මනා නිමාවකින් යුතු ව ස්වර්ණාභරණයක් නිම කිරීම පිළිබඳ ව දැනුම මෙහිදී ලබාදෙන ලදී.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya