අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015ට මාතර තරුණ තරුණියන් රැකියාගත කිරීමට සැරසේ

    නොවැම්බර් 22, 2014
    වැඩ ලෝකයට සුදුසු ශ‍්‍රම බලකායක් ගොඩනගා ගැනීම සඳහා ශ‍්‍රම වෙළෙඳපොළ තුළ පවතින නව ප‍්‍රවණතා හඳුනාගෙන ඒ අනුව මාතර දිස්ත‍්‍රික්කය පුරා විසිරී සිටින රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් හා වෘත්තීය පුහුණු ආයතන මගින් පුහුණුව අවසන් වන තරුණ තරුණියන් 2015 වසර සඳහා කුමන ආකාරයකින් රැකියාගත කළ යුතු ද යන්න සාකච්ඡා කිරීමේ වැඩමුළුවක් පසුගියදා පෙ.ව. 9. 00ට මාතර - වල්ගම හේමාලි උත්සව ශාලාවේ දී පැවැත්විණි.
     
    2015 වසර සඳහා මාතර දිස්ත‍්‍රික්කය තුළ පවතින පුරප්පාඩු පිළිබඳ ව තොරතුරු ලබා ගැනීම, වෘත්තීය පුහුණු ආයතනවලින් මේ වසර තුළ පාඨමාලා අවසන් වන දරුවන්ගේ තොරතුරු ලබා ගැනීම හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රැකියා අපේක්‍ෂිතයන්ගේ තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදු කිරීමට නියමිත ය. 
     
    මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන මේ අවස්ථාවට සහභාගි වේ. 
     
    රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතින බැවින් හා අදාළ තනතුරුවලට ගැළපෙන ශ‍්‍රමිකයන් සොයා ගැනීම මහත් ගැටලුවක් වී ඇති බැවින් මෙම පියවර ගන්නා ලද බව මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානයේ මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ මහතා පැවසීය.
     
    DB/TI - dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya