අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය, කොත්මලේ, තොණ්ඩමාන්ගම “ජනසෙවණ ගම්මානය”

    නොවැම්බර් 23, 2014
    නුවරඑළිය, කොත්මලේ, තොණ්ඩමාන්ගම “ජනසෙවණ  ගම්මානය ” විවෘත කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) එම නිවාස ව්‍යාපෘතියේ දී  සිදු කෙරේ.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම ”අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජන සෙවණ  ”නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව මෙම නිවාස ගම්මානය ඉදිකර තිබේ.
     
    කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 34ක් වෙනුවෙන් මෙම නිවාස ගම්මානය ඉදිකර තිබේ. මේ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 14.53 කි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් හා තාක්ෂණික උපදෙස් මත මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.
     
    මෙම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තුසිවලිංගම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, එම්. රමේෂ්,  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya