මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල නගරයේ රථවාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක්

    නොවැම්බර් 20, 2014
    බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක ඒ.එච්.ඩී.ඩී. අලහකෝන් මහතා විසින් අද (20) බදුල්ල නගරයේ සිදු කළ පැය තුනක රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක දී විවිධ අඩුපාඩු සහිත ව ධාවනයට එක්කර තිබූ රථ වාහන පහක් ධාවනය තහනම් කිරීමටත්, තවත් රථවාහන පහළොවක් දින දහයක් තුළ අලුත්වැඩියා කර පෙන්වීමටත්, තවත් රථවාහන පහළොවක් සඳහා අවවාද කර මුදාහැරීමටත් මෝටර් රථ පරීක්ෂකවරයා නියෝග කළේය. 
     
    ධාවනයෙන් ඉවත් කළ වාහන පහ ම ලොරි රථ වන අතර මෙම ලොරි රථවල තිරිංග ත්‍රියාත්මක නොවීම, බඳ වෙනස් කිරීම හා චැසිය දිරාපත් වී තිබීම නිසා මෙසේ ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ පරීක්ෂකවරයා නියෝග කර තිබේ.
     
    මීට අමතර ව දින දහයක් ඇතුළත නැවත සකස් කර පෙන්වීමට නියෝග කළ වාහනවල වාමුවා පිස්නය නිසිලෙස ක්‍රියාත්මක නොවීම, ආසන නිසි ලෙස නොතිබීම, විවිධ ස්ටිකර් අලවා තිබීම, ටයර් ධාවනයට සුදුසු තත්වයේ නොතිබීම, ආලෝක හා සංඥා පහන් නිසි ලෙස නොදැල්වීම යන කරුනු මත ඒවා සකස් කර පෙන්වීමට නියෝග කර ඇත.
     
    බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක ඒ.එච්.ඩී.ඩී. අලහකෝන්, බදුල්ල පොලීසියේ රථවාහන අංශයේ සහයෝගය මත මෙම රථවාහන පරීෂා කිරීමේ මෙහෙයුම සිදුකර තිබේ.
     
    DB/SH - dmu badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya