මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් විශ්වයට විවර කරන නැණසල දොරටු දහසක්

    නොවැම්බර් 19, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප‍්‍රාප්තිය සහ ජන්ම දිනය නිමිත්තෙන් නැණසල ග‍්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන 100ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර මෙම නැණසල මධ්‍යස්ථාන අද (19) දිනත් විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පැවසීය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නැණසල දහස ව්‍යාපෘතිය යටතේ මේ මධ්‍යස්ථාන පිහිටුවන බව ද එම නියෝජිතායතනය සඳහන් කළේය. දිවයිනේ සියලු දිස්ති‍්‍රක්ක නියෝජනය වන පරිදි නැණසල මධ්‍යස්ථාන 100 පිහිටුවා ඇත. දින දෙකකදී නැණසල මධ්‍යස්ථාන සියයක් පිහිටුවීම සිදු කෙරෙන අතර ඒ අනුව වසර අවසානයට පෙර නැණසල දහස ඉලක්කය සම්පූර්ණ කිරීමට ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය බලාපොරොත්තු වේ.

    ලොව විශිෂ්ටතම ග‍්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයට හිමි බිල් ගේට්ස් සම්මානය හිමි වූයේ ද ශී‍්‍ර ලංකාවේ නැණසල ව්‍යාපෘතියටයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya