මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැස්බෑව පිළියන්දල විකල්ප මාර්ගය අද ජනපති අතින් ජනතා අයිතියට

    නොවැම්බර් 18, 2014

    කැස්බෑව පිළියන්දල විකල්ප මාර්ගය අද (18) සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනතා අයිතියට පත්කරනු ලැබීය.


    පිළියන්දල නගරයේ වාහන තදබදය අඩුකිරීමට අලුතින් ඉදිවන කැස්බෑව - පාමංකඩ මහාමාර්ග ව්‍යෘපෘතියට අනුබද්ධව මේ අතුරු මාර්ගය ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 800ක් වැය කර ඇත. නව අතුරු මාර්ගයේ දිග කිලෝ මීටර් 3කි. පළල මීටර් 23කි. සම්පූර්ණ මාර්ගය මංතීරු 4කි. දෙපස බයිසිකල් මංතීරු දෙකකි. පාලම් 05කි. බෝක්කු 20කි.

    නව විකල්ප මාර්ගයේ මාර්ග සංඥා  පද්ධති 4ක් සවිකර තිබේ. කැස්බෑව, කොට්ටාව- පිළියන්දල මාර්ගය, පිළියන්දල - මහරගම මාර්ගය හා ජාලියගොඩ එම ස්ථාන වේ.

    මෙම ඉදිකිරීමෙන් පසු කැස්බෑව හා ජාලියගොඩ මංසන්ධි සංවර්ධනය වනු ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya