මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවරකට වඩා වරදකරු වන රියදුරු, සහායකවරුන්ගේ සේවක හැඳුනුම්පත අහෝසි කිරීමට පියවර

    නොවැම්බර් 18, 2014
    පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් මගීන් විසින් කරනු ලබන පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරු ව තෙවරකට වඩා වරදකරු වන රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ පෞද්ගලික බස්රථ සේවක හැඳුනුම්පත අහෝසි කිරීමට පියවර ගැනේ.
     
    මගීන්ගෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් සිදු කරන ලෙසට පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් පසුගියදා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් ලැබෙන පැමිණිලි හා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගනු ලැබීය. 
     
    අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. හතරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීන්හි නියෝජිතයන් පිරිසක් එක් ව සිටියහ. 
     
    බස්රථ ධාවනය කළ යුතු කාලසීමාව පිළිබඳ ව මගීන් දැනුම්වත් කිරීම සඳහා බස්රථය තුළ අදාළ කාල සටහන් ප‍්‍රදර්ශනය කිරීමටත්, බස්රථ නිරීක්‍ෂණය කිරීම සඳහා තාක්‍ෂණය භාවිත කිරීම කඩිනම් කිරීමටත්, බස්රථ තුළ කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමටත් මෙහිදී යෝජනා විය. එමෙන් ම රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා පුහුණු වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට ද යෝජණා විය.
     
    ලැබෙන පැමිණිලිවලින් බහුතරයක් නියමිත කාලසීමාවට අනුව ගමන් නොකිරීම, ඉතිරි මුදල් ලබා නොදීම හා බස් රථය තුළ අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම ආදිය වන අතර, මගීන් විසින් කරනු ලබන පැමිණිලිවලින් වැඩි ප‍්‍රමාණයක් අඩුපාඩු සහිත බැවින් ඒවා විමර්ශනය කිරීම දුෂ්කර වී ඇතැයි ද මෙහිදි අනාවරණය විය. එබැවින් පැමිණිලි කිරීමේ දී බස්රථයේ ලියාපදිංචි අංකය, මාර්ග අංකය, වේලාව ආදිය පැහැදිලිව සඳහන් කළ යුතු අතර, ප‍්‍රවේශපත‍්‍ර තමා සතුව තබා ගැනීම විමර්ශනය සිදු කිරීමට පහසුවක් වනු ඇතැයි ද මෙහිදි අවධාරණය කෙරිණ. 
     
    අමාත්‍යාංශයේ පැමිණිලි ඒකකය සඳහා මේ වන විට දුරකතනය ඔස්සේ දුරකතන පණිවිඩ 450 කට අධික ප‍්‍රමාණයක් ද කෙටි පණිවිඩ 200 කට අධික ප‍්‍රමාණයක් ද ලැබී ඇත. පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් වන පැමිණිලි පහත සඳහන් දුරකතන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙස අමාත්‍යාංශය මගීන්ගෙන් ඉල්ලා සිටියි.
     
    ක්‍ෂණික දුරකතන අංකය හා කෙටි පණිවිඩ සේවාව - 071 655 0000  
    skype ලිපිනය - privatetransportdervices
    විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    වෙබ් ලිපිනය - ptsmin.gov.lk
    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍ෂණික අංකය - 1955
     
    DB/ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya