මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ 60කට සෙත සලසන පාලම් 210ක් විවෘත වී තවත් පාලම් 1,000ක වැඩ ඇරඹේ

    නොවැම්බර් 18, 2014
    ගමත් නගරයත් යා කරන ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහන යටතේ ඉදි කළ පාලම් 210ක් විවෘත කිරීම සහ තවත් පාලම් 1,000ක් ගොඩනැගීමේ වැඩ ආරම්භ කිරීම අද (18) පෙරවරු 10.40ට දිවයින පුරා දිස්ත්‍රික්ක 20ක දී ඇරඹෙයි.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ගම් දොරට දිවයිනේ රන් දොරටු විවර කරමින් ඉසුරුමත් හෙට දිනක් වෙනුවෙන් ගමත් නගරයත් යා කරන දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම ග්‍රාමීය පාලම් ගොඩනැගීමේ වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි.
     
    ඉදි කළ නව පාලම් විවෘත කිරීම සහ නව පාලම් ගොඩනැගීමේ වැඩ ආරම්භ කිරීම අද උදේ 10.40ට එළැඹෙන සුබ මොහොතින් නැගෙනහිර බලා සිදු වන්නේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි.
     
    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 75ක් පමණ ජනතාවක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර මෙම ග්‍රාමීය පාලම් 1,210ක් ඉදිකිරීමේ වැඩසටහනින් ඉන් ලක්ෂ 60කට ආසන්න ජනතාවකට සෙත සැලසේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya