මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දින පැල්පත්වාසීන්ට නිවාස 1137ක්

    නොවැම්බර් 17, 2014
    නිවාස 1137කින් සමන්විත කොළඹ හේනේමුල්ල, රන්දිය උයන, විසල් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට සමගාමීව හෙට (18) ජනතා අයිතියට පත් කෙරේ.
     
    මහින්ද චින්තන සංකල්පය යටතේ "පැල්පතින් තොර හරිත නගරයක්" සඳහා මේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක‍්‍රියාත්මක වේ. 
     
    සියලු ම පහසුකම් සහිත ව අලංකාර නාගරික පරිසරයක් ද සමඟින් ලැබෙන මෙම නව නිවසක වටිනාකම රුපියල් මිලියන 8කි. වර්ග අඩි 450කින් සමන්විත මෙම නිවසක් නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්‍ෂක පහසුකම්වලින් යුක්ත වේ. නවීන විදුලි සෝපාන හා හදිසි අවස්ථාවන් හි දී විදුලිබලය ලබා ගැනීම සඳහා සූර්ය බලශක්ති පද්ධති ද සවිකර තිබීම විශේෂත්වයකි. 
     
    ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ලොව නවීන නාගරික සැලසුම් සමඟින් ඉතා විධිමත් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත. මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමගාමීව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක‍්‍රීඩාංගණ, විධිමත් ලෙස මාර්ග පද්ධති පුළුල් කිරීම, ප‍්‍රජාශාලා වැනි  අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු වීම ජනතාව ලැබූ තවත් විශිෂ්ට ප‍්‍රතිලාභයකි.
     
    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක‍්‍රියාත්මක නිවාස 70,000ක කඩිනම් විසල් ව්‍යාපෘති වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට අමතරව ඉදි වූ තවත් නිවාස ව්‍යාපෘති 03ක් ජනතා අයිතියට පත්කිරීමට මේ වන විටත් සූදානම්ව ඇත.
     
    නොවැම්බර් 21 එදිරිසිංහ වත්ත සිරිමුතු උයන නිවාස 564ක් ද දෙසැම්බර් 01 දින කොලොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ  නිවාස 216ක් ද දෙසැම්බර් 08 වන දින ෆර්ගියුෂන් පාර, මුවදොර උයන  නිවාස 872ක් ද ජනපති ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත‍.
     
    මහින්ද චින්තන සංකල්පය යටතේ "පැල්පතින් තොර හරිත නගරයක්" සඳහා රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් හා මගපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ ව්‍යාපෘතිය සිදුකෙරේ. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya