මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජාංගනයේ යාය 01 විදුහල සමස්ත ලංකා ඵලදායිතා සම්මානයෙන් තුන්වන තැනට

    නොවැම්බර් 17, 2014
    ස්වාමීන් වහන්සේ නමක් පාසල මෙහෙයවමින් සමස්ත ලංකාවෙන් ම තෙවැනි ස්ථානය ලබමින් ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලැබීම, රටට ම ආදර්ශයක් සැපයීමට හේතු වී ඇතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළකළේ රාජාංගනය, යාය 01 විදුහල සමස්ත ලංකා ඵලදායිතා සම්මානයෙන් තුන්වන ස්ථානය ලබා, එම සම්මානය විදුහල්පති මාමන්කඩවල ධම්මසිරි නාහිමියන් ප‍්‍රමුඛ පාසලට පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    මේ පාසලෙන් 2014 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසල් දරුවන් 38 දෙනෙකු අතරින් 37 දෙනෙකු ලකුණු 100 ඉක්මවීමට සමත්ව ඇත. එක් ශිෂ්‍යයෙකු පමණක් ලකුණු 70 සීමාවේ සිටී. ළමුන් අට දෙනෙකු පැරණි ප‍්‍රථිඵලවලට අනුව ශිෂ්‍යත්වයට සුදුසුකම් ලබා ඇත.
     
    එහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, සමහර පාසල්වල විදුහල්පති තනතුරේ කටයුතු කරන්නේ කාන්තාවන්. විදුහල්පතිනියන්  සිටිනා ඇතැම් පාසල්වල මල් ගහක්වත් නැති තත්ත්වයක් තියෙනවා. මෙවැනි ඉතා දුෂ්කර පාසලක් මේ ආකාරයෙන් සකස් වීම පිළිබඳ මම ඉතාම සතුටු වෙනවා. අධ්‍යාපනය කියන්නේ මේකට තමයි. පාසලකට මූලික ව පරිසරය සකස් කළ යුතුයි. පරිසරය ළමුන්ගේ දැනුම, කුසලතා, ආකල්ප ඇති කිරීමට බලපානවා. මේ පාසලේ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල ඒ සඳහා අපට උදාහරණ සපයනවා. ඉදිරිපත් වූ සියලු ම ළමුන් උසස් ප‍්‍රතිඵල පෙන්වීම සතුටට කරුණක්. මේක තමයි පරිසරය ඔවුන්ට ලබා දුන් දැනුම. දරුවන් ඉතා විනයානුකූලවයි හැසිරෙන්නේ යැයි ද පැවසීය.
     
    මෙහිදී ශිෂ්‍යත්ව ලැබූ දරුවන්ට සහතිකපත් පිරිනැමීම සිදු කෙරුණු අතර පාසලේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ප‍්‍රථම අදියර යටතේ රුපියල් ලක්‍ෂ 60ක මුදලක් පාසලට ලබා දීමට ද තීරණය කෙරිණි. 
     
    මේ අවස්ථාවට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහත්වරු ද එක්වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya