මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කළ වැඩි ම මූල්‍ය ප්‍රතිපාදනය මෙවර අය-වැයෙන්

    නොවැම්බර් 12, 2014

    ජනාධිපතිතුමා විසින්  2015 අය-වැයේදී ක්‍රීඩා අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 3000ක් අතිරේක ප්‍රතිපාදන ලෙස වෙන් කරනු ලැබ ඇති බවත් එය රජයක් විසින් ක්‍රීඩාව වෙනුවෙන් එසේ වෙන් කළ වැඩි ම මූල්‍යමය ප්‍රතිපාදනය බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

     

    අතිරේක ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇති මුදල 2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සුගතදාස අධිකාරිය වෙනුවෙන් රුපියල් මිලියන 2250ක් ද ක්‍රීඩා ඇකඩමියක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 500ක් ද ක්‍රීඩා උපදේශකයන් බඳවා ගැනීම සඳහා රුපියල් මිලියන 250ක් ද ලෙස වෙන් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    පසුගිය කාලයේ පසුබෑමකට ලක් වූ ක්‍රීඩා ක්ෂේත්‍රය නඟා සිටු වීම සඳහා පසුගිය කාලය පුරාවට සිය අමාත්‍යංශය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා මෙවර අයවැයෙන් වෙන් වූ මුදලින් නව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.

     

    ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පළාත් 08 සඳහා ඉහළ තාක්ෂණය සමඟ උපරිම පහසුකම් සහිත ක්‍රීඩාංගණ 08ක්, දිස්ත්‍රික් 24 සඳහා ක්‍රීඩාංගණ 24ක් සහ කොට්ඨාස 319 සඳහා ක්‍රීඩාංගණ 319ක් ලබා දීමට තමන්ට හැකි වූ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලින් සෑම පාසලකටම පහසුකම් සපිරි ක්‍රීඩාංගණයක් ලබා දීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

     

    අපේ රටේ විශාල ගැටලුවක්ව පවතින ක්‍රීඩකයන්ගේ හිඟය අවම කර ගැනීම සඳහා ජනාධිපතිතුමන්ගේ අදහසකට අනුව 2015 වසරේ සිට සෑම පාසල් දරුවෙක් ම පාසලේ දී අනිවාර්යය විෂයක් ලෙස ක්‍රීඩාව හැදෑරිය යුතු අතර පංති කාමරයේ ක්‍රියාකාරකම් සඳහා ලකුණු 20ක් ද පාසල් වේලාවෙන් පසු පාසලේ දී ක්‍රීඩා පුහුණුවීම සඳහා ලකුණු 80ක් ද ලැබෙන ලෙස දරුවන් ක්‍රීඩාවට යොමු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක් ව සංවිධානය කර ඇත.

     

    වර්තමානයේ ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගෙන් 5%ක් පමණක් ක්‍රීඩාවට යොමු වන අතර එය අ.පො.ස. සාමාන්‍ය පෙළ වන විට 2% දක්වාත් අ.පො.ස. උසස් පෙළ වනවිට 0.5% දක්වාත් අඩු වන බව පෙනේ.

     

    2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් 900ක් පුහුණු කිරීමටත් ඉදිරියේදී දිවයිනේ සියලුම පුහුණුකරුවන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya