ජූනි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට බිලියන 3.5ක මෙහෙයුම් ලාභයක්

    නොවැම්බර් 08, 2014

    2014 වසරේ පළමු මාස 09 තුළ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 3.5ක මෙහෙයුම් ලාභයක් වාර්තා කළ අතර වසර අවසානයේ අපේක්ෂිත ලාභය රුපියල් බිලියන 6.6ක් බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.


    නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ 3 වන අදියර ආරම්භ වීමත් සමඟ පහළ ගිය විදුලි උත්පාදන පිරිවැයේ වාසිය මහජනතාව වෙත ලබාදීම උදෙසා පෙට්රල්, ඩීසල් හා භූමිතෙල්වල මිල මේ වසරේ සැප්තැම්බර් මැදදී පහළ දැමීම නිසා 2014 වසර අවසානයේ ආන්තික ලාභයක් ලැබෙනු ඇති බව මේ වන විට අපේක්ෂා කරනු ඇත.

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෙට්රල් 92 හා 95, සුපිරි ඩීසල් හා ගුවන් යානා ඉන්ධන සඳහා තවදුරටත් පිරිවැය පිළිබිඹු වන මිල ක්‍රමයක් පවත්වා ගෙන යයි. 2014 අය-වැය යෝජනා අනුව වසරේ මුල සිට වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන ගාස්තු ඉවත් කිරීමත් සමඟ ගුවන් යානා ඉන්ධන මිල ද පිරිවැයට සරිලන මිලක් බවට පත් විය. ලංකාවේ මිල ගණන් කලාපීය මිල ගණන් සමඟ තරගකාරී වීම සඳහා ගුවන් යානා හා ඉන්ධන අපනයනය සඳහා වන බදු නීති සංශෝධනය කිරීමටත් යෝජිත බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya