සමාජ සුබසාධන, ආරක්ෂණ වැඩසටහන් හා සාමාන්‍ය දිළිඳු ජන කොටස් සඳහා සහන සැලසීම සඳහා පසුගිය වසරේ සමාන කාලය තුළ දැරූ වියදම වූ රුපියල් මිලියන 18,099ට සාපේක්ෂ ව 2014 පළමු මාස 09 තුළ දී රුපියල් 22,178ක වියදම් දරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහන රුපියල් මිලියන 11,536ක් වැය කරමින් පවුල් මිලියන 1.5ක් වෙනුවෙන් ක්‍රියාත්මක කළ අතර ආබාධිත රණ විරුවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 12,860ක වියදම් දරා ඇත.
2014 මුල් මාස 09 තුළ දී නොමිලේ පාසල් පෙළපොත් හා නිල ඇඳුම් ලබාදීම, වාර ප්‍රවේශපත්‍ර ලබාදීම, දුෂ්කරතා සහිත සිසුන් සඳහා පාවහන් ලබාදීම, ශිෂ්‍යාධාර හා දහම් පාසල් පෙළපොත් ලබාදීම ඇතුළු සියලු පාසල් සිසුන් වෙත නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබාදීම තහවුරු කිරීම සඳහා වූ වැඩසටහන්වලට රුපියල් මිලියන 7,481ක් වියදම් දරා ඇත. එය පෙර වර්ෂයට වඩා 15.6%ක වැඩිවීමක් බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
විශේෂයෙන් ම කුඩා පරිමාණ වී ගොවීන් සඳහා කිලෝ 50 පොහොර බෑගයක් රුපියල් 350ක සහන මිලකට ලබාදීම සඳහා ක්‍රියාත්මක පෙහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 29,512ක් වියදම් දරමින් අඛණ්ඩ ව ක්‍රියාත්මක විය. මේ වර්ෂයේ මැද භාගයේ දී මුහුණදීමට සිදු වූ දැඩි නියඟය හේතුවෙන් විශාල ලෙස ගොවීන්ගේ අස්වනු හානියට ලක්වීමත් බොහෝ පවුල් දුෂ්කරතාවන්ට පත්වීමත් සිදු වූ අතර එම නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා (ලෝක ආහාර වැඩසටහනේ වියදම් ද ඇතුළත්ව) රුපියල් මිලියන 797ක වියදමක් දරා ඇති බව ද එම අමාත්‍යාංශය පවසයි.
NDH