මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා සේවයට කැපවුණු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියට නව නිවසක්

    ඔක්තෝබර් 28, 2014

    විශ්‍රාම ලද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන වීනීතා රන්ජනී මහත්මිය සඳහා අරලගන්විල කජුවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස පෙරේදා (26) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම වෛද්‍යවරිය වෙත ප්‍රදානය කෙරිණි.


    ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක "ජන සෙවණ" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනේ සෙවණ අරමුදලින් මෙම නව නිවස ඉදිකර ඇත. මේ සඳහා රුපියල් ලක්ෂ 09ක මුදලක් වැය කොට ඇත. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා යුද හමුදාව (දෙහිඅත්තකණ්ඩිය) කොළඹ 07, කාන්තා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට අනුබද්ධ එල්.සී. කෙයාර් සංවිධානය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ගේ දායකත්වය ද මේ සඳහා හිමි විය.

    83 වන වියෙහි  පසු වන ඇය කොළඹ ඉපිද හොඳින් අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් ව වෛද්‍ය උපාධිය  ලබාගෙන තිබේ. තම වෛද්‍ය සේවාව මහජනතාව වෙනුවෙන් ම බව සිතා වෛද්‍ය වෘත්තිය ආරම්භ කළ ඇය තමන් ළඟට පැමිණෙන රෝගීන්ට තම වැටුපෙන් පවා  ප්‍රතිකාර  ලබා දුන්නාය. 1980දී  වීනීතා රන්ජනී මහත්මිය ගිරාඳුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය සහ මහවැලි සී හා ඩී කලාපවල රෝගී ජනතාව සුවපත් කරන්නට පැමිණ ඇත. ඒ ත්‍රස්තවාදී කලබල පැවති කාලයේය. තම රාජකාරිය අත්නොහැර දේවකාරිය සේ සලකා වෛද්‍ය සේවාව අකුරට ම ඉටුකළ ඇය සිංහල, දෙමල, මුස්ලිම් මිනිසුන්ට පමණක් නො ව සතුන්ටද ආදරය කරුණාව, දයාව, මෛත්‍රිය දැක්වීය. දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් වූ තම සැමියාගේ අභාවයෙන් පසු තනි ව සිටි ඇය මේ දක්වා ජීවත් වූයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අබලන් ගොඩනැගිල්ලක් තුළය. මේ බව මාධ්‍ය මඟින් අනාවරණය කීරීමෙන් පසු වීනීතා රන්ජනී මහත්මිය වෙත නව නිවසක් ලබා දීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගත්තේය.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya