අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා සහභාගීත්වය මත ක්‍රියාත්මක වන එක ම ව්‍යාපෘතිය දිවි නැගුමයි

    ඔක්තෝබර් 22, 2014
    දිවි නැගුම සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භක අවස්ථාවේදී යම් යම් බාධා පැමිණිය ද, ජනාධිපතිතුමන් හා බැසිල් රාජපක්ෂ මහතාගේ අප්‍රතිහත ධෛර්ය හා නොපසුබස්නා වීර්යය හේතුවෙන් එය අද යථාර්ථයක් බවට පත්වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ මන්නාරම, මාන්තායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අඩම්පන් ජනතා සේවා මධ්‍යස්ථානයෙහි පැවති දිවි නැගුම 6 වන අදියරේ ප්‍රතිලාභ බෙදාදීමේ උත්සවය අමතමිනි.
     
    "දිවි නැගුම වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කරන සෙසු ව්‍යාපෘතිවලින් බොහෝ දුරට වෙනස් මාදිලියේ එකක්. ඊට හේතුව වන්නේ බොහෝ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්නේ රජයේ නිලධාරීන් විසින් වුවත්, දිවි නැගුම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේත්, එය පවත්වාගෙන යන්නේත් පොදු ජනතාව විසින් වීම නිසයි. දිවි නැගුම මේ තරම් කෙටි 
    කලක් තුළ ජනතාව අතර ජනප්‍රිය වී ඇත්තේද ඒ හේතුව නිසාමයි".
     
    "බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා පසුගිය වකවානුවේ උතුරේ ප්‍රදේශවල පමණක් සිය වාරයකට වඩා සංචාරය කොට, මේ ප්‍රදේශවල සංවර්ධන වැඩපිළිවෙළවල් හා යටිතල 
    පහසුකම් ව්‍යාපෘතීන් නිරීක්ෂණය කර තිබෙනවා. එතුමා උතුරු ප්‍රදේශයේ ජනජීවිත යථාවත් කිරීමට දැරූ වෙහෙස තම මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් වත් නොයෙදූ තරම්. ඒ පිළිබඳ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රණාමය මා එතුමාට පිරිනැමීමට කැමතියි".
     
    පසුගිය වසර හතරක කාලය තුළ මෙම ප්‍රදේශවල සිදුවී ඇති සංවර්ධනය දෙස බලන විට, ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ එය පෙර තිබූ තත්ත්වයටත් වඩා වැඩි මට්ටමකින් සිදුවෙමින් පවතින බව දක්නට පුළුවන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී, රිෆ්කාන් බදියුදීන් මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයන් රැසක් ද, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්, ක්ෂේත්‍ර සහයකයන් ඇතුළු ප්‍රදේශයේ ප්‍රතිලාභී පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya