මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් කෝටි 9ක් වටිනා සුඛෝපභෝගී බස් රථ 6ක් වයඹට

    අප්‍රේල් 11, 2014

    දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව රටේ පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩල උළෙල වෙනුවෙන් ගෙනා රුපියල් කෝටි 9ක් වටිනාකමකින් යුතු සුඛෝපභෝගී බස් රථ 6ක් වයඹ පළාතේ බස් ඩිපෝ 4කට ලබා දෙන ලදී.


    එම බස් රථවලින් බස් රථ 2ක් හලාවත ඩිපෝවට ද තවත් බස් රථ 2ක් කුලියාපිටිය ඩිපෝවට ද අනෙකුත් බස් රථ 2 කුරුණෑගල උතුර සහ දකුණ යන ඩිපෝ සඳහා ද ලබා දී ඇත. කෝටි එක හමාරක් බැගින් වටිනා එම බස් රථවලින් කුරුණෑගල උතුර හා දකුණ ඩිපෝවට අයත්  සුඛෝපභෝගී බස් රථ දෙක අද (11) උදෑසන කුරුණෑගල බස් නැවතුම්පළේදී වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ විසින් ධාවනයට එක් කරන ලදී. ඉදිරියේදී පළාතේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීම වෙනුවෙන් තවත් බස්රථ විශාල ප්‍රමාණයක් ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවද රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා පවසනු ලැබීය.

    මෙම අවස්ථාවට කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතා, ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya