මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගේ ජනප‍්‍රියත්වය අඩුවෙලා නෑ

    සැප්තැම්බර් 16, 2014

    විපක්ෂය මොන සෙල්ලම් දැම්මත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප‍්‍රියත්වය කෙස්ගසකින්වත් අඩුවෙලා නොමැති බව ඌව පළාත් මැතිවරණ සටන දකින ඕනෑ ම කෙනෙකුට පැහැදිලි වන බව රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ‍්‍රීත තිසේරා මහතා පවසයි.

    හාලි ඇළ මැතිවරණ කොට්ඨාසයේ ඇටම්පිටිය, කුරුකුදේ, මාලිගාතැන්න, පෙරහෙට්ටිය, බෝගොඩ යන ප‍්‍රදේශවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පැවති ජනහමු අමතා අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, එදා මහියංගනයේ සිට මහනුවරට පයින් යන කාලයේ විඩාව නිවන්නට අම්බලමක් ලෙසත්, දියඇල්ල තරණය කරන්නට පාලමක් ලෙසටත් ඉදිවී තිබෙන ඓතිහාසික බෝගොඩ ලී පාලම අපට ඉතිහාසය කියා දෙනවා. ඒ වාගේ ම මහින්ද චින්තනයට අනුව රටේ සිදුවන දැවැන්ත සංවර්ධනය දකින කොට අපට අනාගතය පැහැදිලි වෙනවා. මේවා දකින විපක්ෂය පරාජයෙන් වියරු වැටී මඩ ගාගෙන, මඩ නාගෙන ඒ මදිවාට රටේ සංවර්ධනයට එරෙහිවත් මඩ ගහනවා.

    මෙම අවස්ථාවට විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, හාලි ඇළ ප‍්‍රාදේශීය සභාපති නිමල් සේනානායක යන මහත්වරු ද එක් වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya