මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමන් රෙඩ් හෝටලය විවෘත වේ

    සැප්තැම්බර් 02, 2014
    මෙරට සංචාරක ව්‍යාපාරයේ නවෝදයක් ඇති කරමින් වසර 2016 වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත විදේශීය සංචාරකයින් සඳහා අලුතින් හෝටල් කාමර 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ කොළඹ ඉදි වූ අලුත්ම හෝටලය වන සිනමන් රෙඩ් හෝටලය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (01)දා උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
     
    අලුතින් ඉදිකරන ලද සිනමන් රෙඩ් හෝටලයට රුපියල් බිලියන 3.5ක් ආයෝජනය කර ඇති අතර කාමර සංඛ්‍යාව 243කි. සම්මන්ත්‍රණ ශාලා, පිහිනුම් තටාක ඇතුළු සියලු පහසුකම්වලින් එය සමන්විතය. කොළඹ 03, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටා ඇති මෙම හෝටලය නාගරික හෝටල් සංකල්පයට ප්‍රථම වරට හඳුන්වා දෙන නව්‍ය හඳුන්වාදීම් රැසක් එක්කර තිබේ. එය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත්ය.
     
    වසර 2016 වන විට සංචාරකයන් ලක්ෂ 25ක ප්‍රමාණයක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ රජයේ වැඩසටහන යටතේ අපේක්ෂිත ඉලක්කයන් දැන් ළඟාවී තිබේ. ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි ඉකුත් 2013 රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.45කි. එම කාලය තුළ සංචාරක ආර්ථිකය මගින් ඍජු රැකියා 112,550ක් සහ වක්‍ර රැකියා 157,600ක් බිහිවිය. එමෙන්ම 2013 වසරේදී නව හෝටල් 43ක් සංචාරක ක්ෂේත්‍රයට එක් වූ අතර සංචාරක කර්මාන්තය හරහා රටේ සියලු ජනතාවට ප්‍රතිලාභය ලබාදීමේ රජයේ අරමුණ වී තිබේ.
     
    මෙම විවෘත කිරීම සනිටුහන් කරමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති අජිත් ගුණවර්ධන මහතා විසින් සිනමන් රෙඩ් සාමාන්‍යාධිකාරී ටෙරන්ස් ප්‍රනාන්දු මහතා වෙත එහි ධජය සංකේතාත්මකව පිරිනමන ලදී. 
     
    ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුසන්ත රත්නායක, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති අජිත් ගුණවර්ධන, සැන්සිටි හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පුද්ගලික සමාගමේ සභාපති මහේන් වීරසේකර සහ සිනමන් රෙඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී ටෙරන්ස් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya