අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජන දිරිය" ණය යෝජනා ක‍්‍රමය ඇමති බැසිල්ගේ ප‍්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 02, 2014
    දිවි නැගුම "සහණ අරුණ" වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත‍්‍රික්කයේ ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් ආරම්භ කරන ලද "ජන දිරිය" ගෘහ ආර්ථික ණය යෝජනා ක‍්‍රමයේ සමාරම්භක උත්සවය ඊයේ (01) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීගමුව නගර ශාලවේ දී පැවැත්විණි. 
     
    බස්නාහිර පළාත් ප‍්‍රවාහන, ක‍්‍රීඩා හා යෞවන කටයුතු, කාන්තා කටයුතු, ආහාර සැපයුම් හා බෙදාහැරීම, සමූපකාර සංවර්ධන, ගෘහ ආර්ථික ප‍්‍රවර්ධන, ධීවර, ග‍්‍රාම සංවර්ධන, සංචාරක, ආයෝජන ප‍්‍රවර්ධන සම්බන්ධීකරණ සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍ය නිමල් ලන්සාගේ මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබුණි. 
     
    ජන දිරිය ගෘහ ආර්ථික ණය යෝජනා ක‍්‍රමය යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙහි ස්වයංරැකියාවන්හි නිරත සහ ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තෝරාගත් ප‍්‍රතිලාභින් 2800කට රුපියල් 50,000 සිට ලක්ෂ දෙක හමාර දක්වා ණය ලබාදීම සිදු කෙරේ. 
     
    සමාරම්භක උත්සවයේ දී ස්වයංරැකියාලාභීන් 1000ක් සඳහා ණය ආධාර යටතේ චෙක්පත් ප‍්‍රදානය කරන ලද අතර බෝට්ටු ඇන්ජින් 50ක් සහ ත‍්‍රිරෝද රථ 50ක් ද ප‍්‍රදානය කරන ලදි. 
     
    මෙම උත්සවයට සමගාමීව ණය ලබාගන්නා ප‍්‍රතිලාභීන් විසින් ඉදිරිපත් කරන ලද අලෙවි ප‍්‍රදර්ශනයක් ද පැවැත්විණි. 
     
    එම ප‍්‍රදර්ශනය සඳහා අලෙවිකරුවන් 300ක් පමණ සහභාගී වී සිටි අතර මල් වගාව, කෘෂි කර්මාන්තය, සත්ත්ව පාලනය, ධීවර, කර්මාන්ත ආදී විවිධ ක්ෂේත‍්‍රයන් යටතේ නිම කරන ලද භාණ්ඩ අලෙවිය සඳහා තබා තිබුණි. 
     
    බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා, ගම්පහ දිස්ත‍්‍රික් පළාත් සභා මන්ත‍්‍රීවරුන් මීගමුව, වත්තල, ජා ඇළ, දිවුලපිටිය සහ මීරිගම පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු  විශාල ජනකායක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ. 
     
    DB
     
    DSC 0580
     
     
    DSC 0551
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya