මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවට කොමර්ෂල් බැංකුවෙන් ජල ටැංකි 20ක්

    අගෝස්තු 28, 2014

    නියඟයෙන් පීඩාවට පත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සැපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන සහන කටයුතු සඳහා කොමර්ෂල් බැංකුව ද එක් වී ඇත.


    ඒ අනුව ලීටර් 1000 ජල ටැංකි 20ක් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදීම කොමර්ෂල් බැංකුවේ කදුරුවෙල ශාඛා කළමනාකාර මහේෂ් අබේරත්න මහතා අතින් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.


    මේ අවස්ථාවට පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර, ප්‍රධාන පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු කොමර්ෂල් බැංකුවේ නිලධාරී මඬුල්ල ද එක් වූහ.

    NDH/WK dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya