මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන්කඩුව පූදූර් ගම්මාන රැකීමට ආරක්ෂිත වේල්ලක්

    අගෝස්තු 28, 2014
    පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවුලාන පූදූර් ප්‍රදේශයේ ගම්මාන අධික වර්ෂා කාලවල ජලයෙන් යටවීම සුලබ සිද්ධියකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම ගම්මාන ආශ්‍රිතව පවතින විල්ලුව පිටාර ගැනීම බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.


    මෙයට පිළියමක් ලෙස ආපදා කළමනාකරණ අංශයේ යෝජනාවකට අනුව ගම්මාන ගංවතුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කිලෝ මීටර් 03ක පමණ දුරින් යුක්තව ආරක්ෂිත වේල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

    ආරක්ෂිත වේල්ල ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදු වන අතර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ඇත. මේ සඳහා රුපියල් ලක්ෂ 80ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විමධ්‍යගත අරමුදල් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ලබා දී ඇත.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya