මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව දියුණු කිරීමේ දී ගොවි ජනතාවට වැඩි අවධානයක් යොමු කළ යුතුයි

    අගෝස්තු 27, 2014
    ඌව පළාත දියුණු කරනවිට මූලික අවධානය ඌවේ ගොවි ජනතාව නඟාසිටුවීම කෙරෙහි යොමු කළ යුතු  බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    උපායමාර්ග ක‍්‍රියාවට නඟන විට එහි ප‍්‍රතිලාභ විශේෂයෙන් ඌවේ ගොවි ජනතාව වෙත ගලා එන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
     
    පසුගිය දින මොනරාගල මඩුල්ල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
     
    සමහරු කියනවා ඌව පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට තීරණාත්මකයි කියලා. මේක ආණ්ඩුවට නම් තීරණාත්මක නැහැ, ‘පාණ්ඩුවක්’ වගේ ඉන්න විරුද්ධ පක්‍ෂයට නම් තීරණාත්මකයි. විරුද්ධ පක්‍ෂය කියන්නේ ‘ආණ්ඩුව පෙරළනවා, බලය ගන්නවා’ කියලා. විපක්‍ෂයේ සමහරු දැන් කතා කරන්නේ බලය අරගෙන ඉවරයි වගේ. එහෙම නම් විපක්‍ෂය ඌව පළාත් සභාව ජය අරන් පෙන්විය යුතුයි. ‘ආණ්ඩුව පෙරළන්න අපි සූදානම්’ කියලා. ඒ නිසා මේ මැතිවරණය තීරණාත්මක වන්නේ විපක්‍ෂයටයි.
     
    යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ගෙවී ගිය වසර 05 තුළ රටේ යටිතල පහසුකම් ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වූ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya