මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීකුණාමලයට සහන සැලසීමට ජල බවුසර්

    අගෝස්තු 26, 2014
    නියඟයෙන් හානියට පත් වු ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ජල බවුසර් 03ක් ප්‍රදානය කිරීම සිදු විය. 
     
    මෙලෙස ලබා දුන් ජල බවුසර් තුන මොරවැව, මුතූර් හා තම්බලගාගම් ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීම ඊයේ (25) ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් ටී.ටී.ආර්. දි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට අතිරේ දිස්ත්‍රික් ලේකම් එස්. අරූල්රාසා, සැලසුම් අධ්‍යක්ෂ කේ. පරමේශ්වරම්, සහකාර ලේකම් භාතිය විජයානන්ද සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB/SM dmu trincomalee

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya