මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද රාජ්‍ය සේවකයන් 1800කට යතුරු පැදි

    අගෝස්තු 26, 2014

    උතුරු මැද පළාතේ රාජ්‍ය සේවයේ නියැළී සිටින සියලුම ක්ෂේත‍්‍ර නිලධාරීන්ට තීරු බදු රහිත යතුරු පැදි ලබා දීමට තීරණය කර ඇතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තවත් රාජ්‍ය සේවකයන් එක් දහස් අටසියයකට (1800) ඊයේ  (25) දා යතුරු පැදි ප‍්‍රදානය කරමිනි.
     

    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගණයේදි යතුරු පැදි ලබා දීම සිදු කැරිණ
     

    එහිදි අදහස් දැක්වු චන්ද්‍රසේන මහතා මෙසේද කීය. “මහජන සේවයට කැප වී සිටින රාජ්‍ය සේවයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට තීරු බද්දෙන් තොරව යතුරු පැදි ලබා දීමේ නව වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා අනුරාධපුරයෙන් ඇරඹුවා. පළමු අදියරේදි ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රුපියල් තුන් ලක්‍ෂයක් පමණ වටිනා යතුරු පැදියක් රුපියල් පනස්දහසක් පමණ මුදලකට රාජ්‍ය සේවකයන් එක් දහස් පන්සියයකට ලබා දුන්නා. දෙවන අදියරේදි තවත් යතුරු පැදි දහසක් රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නා. පෙරේදා (25) යතුරු පැදි එක් දහස් අටසියයක් (1800) බෙදා දුන්නා.
     

    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතන, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය සේවයේ සිටින සියලුම ක්ෂේත‍්‍ර නිලධාරීන්ට මෙසේ යතුරු පැදි ලබා දීමට ජනාධිපතිතුමා උපදෙස් දී තියෙනවා.
     

    මහජනතාවගේ රාජකාරි අවශ්‍යතා කාර්යක්‍ෂමව සිදු කරමින් සංවර්ධන ව්‍යාපෘතීන් නිසි කලට වේලාවට සිදුකිරීමත් මෙයින් අපේක්‍ෂා කරනවා.
     

    යතුරු පැදි ලබා ගැනීමේ තරගයක රාජ්‍ය සේවකයන් යෙදිය යුතු නැත. සියලු ක්ෂේත‍්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලබා දෙන බැවින් විරුද්ධවාදීන්ගේ යටි උගුල්වලට හසුවී යතුරු පැදි ඉල්ලා උද්ඝෝෂණ සිදු කිරීමේ අවශ්‍යතාවක් නැති බවද ඇමතිවරයා අවධාරණය කළේය.
     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වු සරත් ඉලංගසිංහ හා ගමගේ වීරසේන මහත්වරු ද සහභාගී වූහ.

     

    (HC)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya