මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු කොංග්‍රසයේ ඡන්ද අපේක්ෂකයින් සර්ව ආගමික ආශීර්වාද ලබා ගනි

    අගෝස්තු 26, 2014
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධව මෙවර සැප්තැම්බර් මස පැවැත්වෙන ඌව පළාත් මහ මැතිවරණය සඳහා තරග වදින ලංකා කම්කරු කොංග්‍රස් ඡන්ද අපේක්ෂකයින් වන හිටපු ඌව පළාත් බලශක්ති අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, ආරුමුගම් ශිවලිංගම් හා ආරුමුගම් ගනේෂමුර්ති යන මහත්වරුන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රස් කණ්ඩායම ඊයේ (25) පෙරවරුවේ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික ස්ථාන රැසක් වැඳ පුදා ගැනීමට විවිධ ප්‍රදේශ කරා ගියහ.

    ඌව පළාතේ පිහිටා ඇති හල්දුම්මුල්ල ශ්‍රී කරුමාරිඅම්මන් හා හපුතලේ ශ්‍රී මුරුගන් කොවිලටත්, හපුතලේ පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානත්, හපුතලේ පුනිද වන්නත්තසින්නප්පර් දෙව් මැදුර හා බල්ලේ කැටුව පිහිටා ඇති සුගන්දරාරම විහාරස්ථානටත්, ශ්‍රී කදිරේශ්වරන් කෝවිලටත්, පස්සර පිහිටා ඇති කදිරවේලායුදන් ස්වාමි කොවිල්, පස්සර ඇති බෞද්ධ විහාරස්ථානත්, ලුනුගල පස්සර පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානත්, ලුනුගල ශ්‍රී මුරුගන් කොවිල්, පුනිදවන්නත්ත සින්නත්තර් දෙව් මැදුර හා මඩොල්සීම පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානත්, පුනිදවන්නත්ත සින්නම්බර් ශ්‍රී මුත්තු විනයාගර් කොවිල් ගොස් ආගමික ආශීර්වාදය ලබා ගත්හ.
     
    අමාත්‍යවරයා විසින් ආශීර්වාද ලබා ගැනීම සඳහා ගිය සියලු ම පන්සල් සඳහා මුතු කුඩ ඇතුළු දළදා වහන්සේ තැබීම සඳහා ධර්ම චක්‍රය ඇතුළුත්ව නිම වු අලංකාර රඳවනයක් ද පරිත්‍යාග කරන ලදී.මෙම අවස්ථාවන් සඳහා මධ්‍යම පළාත් ලංකා කම්කරු කොංග්‍රස් මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව ඇතුළු පිරිසක් සහභාගි වූහ. 
     
    ECB

    arumugam2

    arumugam3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya