මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයන්ගේ යාත්‍රා පහසු මිලට අලුත්වැඩියා කර ගැනීමට අවස්ථාවක්

    අගෝස්තු 25, 2014
    ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ අබලන්ව, අක්‍රීයව පැවති යාත්‍රාංගනයේ ස්ලිප් වේ මාර්ගය නවීකරණය කර අලුත්වැඩියා කිරීම නිසා අද ධීවරයන්ගේ යාත්‍රා සියල්ලම ඉහළ ප්‍රමිතියෙන් යුතු ව කඩිනමින් හා පහසු මිලට අලුත්වැඩියා කර ගැනීමට පුළුවන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගියදා ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ යාත්‍රාංගණයේ ස්ලිප් වේ මාර්ගය හා වරායේ වැලි ඉවත් කිරීමට නව දොඹකරයක් ස්ථාපිත කිරීමේ උත්සවයේදීය.
     
    ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ යාත්‍රාංගණයේ ස්ලිප් වේ මාර්ගය ඉදිකිරීමට රජය රුපියල් ලක්ෂ 207ක් වැය කර ඇති අතර රුපියල් ලක්ෂ 700ක වටිනාකමක් ඇති නව දොඹකරයක්ද වරාය පරිශ්‍රයේ ස්ථාපිත කරනු ලැබීය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "මේ ස්ලිප් වේ එක ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 207ක් වැය කර තිබේ. මෙය යාත්‍රා අලුත්වැඩියා කර ගැනීම සඳහා විශාල පහසුවකි. ඒ සියලු ක්‍රියාවන් මෙතැනින් කරගන්න පුළුවන්. මෙයට අලුතින් දොඹකරයක් ලබාදෙනවා. එයට රුපියල් ලක්ෂ 700ක් වැය වෙනවා. එය ජපානයේ නිෂ්පාදනය කර තියෙන්නේ. මේ දෙක ඉතා ම වැදගත්. ඒ වගේ ම පසුගිය කාලේ විධායක මහත්වරුන්, ඉංජිනේරු මහත්වරුන් ඇවිල්ලා දොඹකරය පාවිච්චි කර බලා වරාය පතුලේ තිබුණ සියලු අබලි ද්‍රව්‍ය ඉවත් කර ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සලසා තියෙනවා. යාත්‍රා නැවැත්වීම වගේ ම යාත්‍රා ගමනාගමනයට තියෙන සියලු අපහසුකම් මගහරවා ගැනීමට පසුගිය කාලේ දොඹකරයකට රුපියල් 50,000ක් 60,000ක් වියදම් කරන්න සිදු වුණා. අද එය රු. 16,000ක් වගේ අඩු මුදලකට ධීවර වරාය නීතිගත සංස්ථාව ඔබට සපයනවා" යැයි අමාත්‍යවරයා කීය.
     
    එය ධීවරයන්ට විශාල වාසියක්. ඒ වගේ ම අවුරුදු 4ක් පමණ ස්ලිප් වේ එක පාවිච්චි කරන්න බැරිවුණා. එය අලුත්වැඩියා කිරීම නිසා ඉතා ම පහසුයි. අපිට දැනට ආවේ තායිලන්තයේ හා ඉන්දුනීසියාවෙන් යාත්‍රා පමණයි. අපි ජපානයෙන් විශාල යාත්‍රා ගෙන්වූවා. එයින් අපට විශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන්.ඒ විදේශ විනිමය රජයටයි ලැබෙන්නේ. දැනට අපේ මත්ස්‍ය ආදායමෙන් 48%ක් අරන් යන්නේ යුරෝපයෙන්. තව ම ටොන් 100ක යාත්‍රවක් හදාගන්න අපට බැරි වුණා. එහෙම කර්මාන්තයක් අපට නැහැ. මාළු ටික පිට දේශක්කාරයන් ඇවිල්ලා අරන් යනවා. මෙයට අප මුහුණ දිය යුතුයි. නැත්නම් අනාගතයේ කෝටා ක්‍රමය එනකොට ඔබේ මාළු ප්‍රමාණය තීරණය කරන්නේ කෙසේද? එය අඩුවට තිබුණොත් අපිට එන්නේ අඩු කෝටාවක්. ඒ නිසා 2011 කෝටා ක්‍රමයට තමා විරුද්ධ වූ බව ද ඔහු කීය.
     
    2011 කෝටා ක්‍රමය වැළැක්වීමට කලාපයේ සියලු ධීවර ඇමතිවරුන් ලංකාවට කැඳ වූ අවස්ථාවේ ඒ සියලුදෙනා ඒකාබද්ධ වී අපට විරුද්ධ වුණා. එය නැවැත්තුවේ නැත්නම් කෝටා එකෙන් ලැබෙන්නේ මෙට්රික් ටොන් 326යි. මේ අස්වැන්න මෙට්රික් ටොන් 30,000කට ගන්න පුළුවන්ද කියා අප උත්සාහ කර බලනවා. නැත්නම් ලෝකයේ රටවලට විශාල කෝටා එකකුත් අපට කුඩා කෝටා එකකුත් ලැබෙනවා. මේ කර්මාන්තය දැවැන්ත කර්මාන්තයක් විදිහට ප්‍රවර්ධනය වෙනවා. එය ඉතා වාසි සහගතයි. සියලු පහසුකම් සපයනවා. ජනාධිපතිතුමාට ධීවර කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා අපට හුඟක් උදව් කරනවා. ඒක පුද්ගල පරිභෝජනය ග්‍රෑම් 43.1 දක්වා වැඩි වෙලා තියෙනවා. මම එද්දි එය ග්‍රෑම් 28යි. එය ග්‍රෑම් 60 වන විට අපේ රටේ මන්දපෝෂණය නැතිවෙනවා. ඒ සඳහා ධීවර කාර්මිකයා දියුණු කළ යුතු යැයි ධීවර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවති ගලප්පත්ති, ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ, කළමනාකාර අධ්‍යක්ෂ නීල් මුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න මුදලිගේ යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya