මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රෝ ෆුඩ් – ප්‍රෝ පැක් 2014 ජාත්‍යන්තර ප‍්‍රදර්ශනය අදත්

    අගෝස්තු 24, 2014
    ප්‍රෝ ෆුඩ් – ප්‍රෝ පැක් 2014 ජාත්‍යන්තර සැකසූ ආහාරපාන, ඇසුරුම්  හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය අද (24) දිනත් මහජනතාව වෙනුවෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ. 
     
    මේ ප්‍රදර්ශනය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිකුරාදා විවෘත කෙරිණි.
     
    13 වන වරටත් පැවැත්වෙන මේ ප්‍රදර්ශනය සඳහා විදේශ රටවල් 06ක් සහ දේශීය විදේශීය සමාගම් 208ක් සහභාගී වේ.  මෙය සැකසූ ආහාර සහ ආහාර ඇසුරුම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන ප‍්‍රධානතම ප‍්‍රදර්ශනයයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය,  ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සහ ජාතික කෘෂිව්‍යාපාර මණ්ඩලය එක්ව වාර්ෂිකව මෙම ප‍්‍රදර්ශනය පවත්වනු ලබයි. ප‍්‍රදර්ශනයේ සංවිධාන කටයුතු ශ‍්‍රී ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විස් සමාගම විසින් සිදු කරනු ලබයි. 
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් වසන්ත පෙරේරා, අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන, වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් අරින්දම් බග්චි,  ප‍්‍රදර්ශන සංවිධායක කමිටුවේ සභාපති හැමිල්ටන් ඩයස්, ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සභාපති සුනන්දා වීරසිංහ,  ජාතික කෘෂිව්‍යාපාර මණ්ඩලයේ  සභාපති අනුර විරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya