මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම සහනාධාර ලබන සෑම පවුලකටම සහන පොළියට ඇප රහිත ණය

    අගෝස්තු 24, 2014
    දිවි නැඟුම සහනාධාර ලබන සෑම පවුල්කටම සහන පොළියට ණය ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඒ යටතේ දිවි නැඟුම පවුල් වෙත ඇප රහිතව ණය ලබාගත හැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ  මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා සඳහන් කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුලු කටයුතු සඳහා රුපියල් 5000 සිට 50,000 දක්වා  4%ක් වූ අඩු පොළී අනුපාතයකට ණය ලබා දීම සිදු කරන බවයි. 
     
    මුදල් අමාත්‍යංශයේ දී පසුගියදා පැවති සාකච්ඡාවකදී  මේ බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ දිවි නැඟුම පවුල් විසින් දිවි නැඟුම බැංකු තුළ තැම්පත් කළ මුදල්වලින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. ඇතැම් ජනතාව වැඩි පොළියට මූල්‍ය ආයතන මඟින් ණය ලබාගෙන ණය බරින් මිරිකි සිටින බවත් ඔවුන්ට එම ණය බරින් මිදීමට ද මෙම ණය ලබාගත හැකි බව අමාත්‍යවරයා පැවසීය. 
     
    මේ කන්නයේ වී අස්වැන්න ලැබීම සම්බන්ධව සහ සහල් මිල සම්බන්ධව ද මෙහිදී  දිර්ඝව සාකච්ඡා කිරීම සිදු විය. මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ පොලොන්නරුව, අනුරාධපුර ඇතුලු දිස්ත්‍රික්කවල වී අස්වැන්න නෙළීම මේ දිනවල සිදුවන බවත්  එම අස්වැන්න වැඩි මිලට ගොවින්ගෙන් මිල දී ගැනීම පුද්ගලික අංශය මඟින් සිදු කරන බවත්ය. පැවැති දේශගුණික තත්ත්වය වී වගාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද මෙහිදී හෙළි විය. මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වී තොග ගබඩා කිරීමේ කටයුතු පිළිබඳව සහ සහල් මිල ස්ථාවර මට්ටමක පවත්වාගන යාම සම්බන්ධව අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේ ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කරමින් මෙම කටයුතු සිදුකළ යුතු බවයි. එසේම දේශීය අල ගොවියාගේ නිෂ්පාදන සහතික මිලට ගැනීමේ වැඩසටහන විධිමත් කරන ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීමද සිදු විය. 
     
    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ඇතුලු රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya