මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හික්කඩුවේ ඇවෙන්රා බීච් හෝටලය විවෘත කෙරේ

    අගෝස්තු 24, 2014
    නවීකරණය කරන ලද හික්කඩුවේ ඇවෙන්රා බීච් හෝටලය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
     
    රුපියල් මිලියන 500ක් වැය කරමින් නවීකරණය කර ඇති මේ හෝටලය කාමර 60ක් සහ දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවශ්‍ය කරන අවන්හල්, සමාජ ශාලා, උත්සව ශාලා, සම්මන්ත‍්‍රණ ශාලා, පිහිනුම් තටාක, දෙස් විදෙස් ආහාරපාන ලබාගත හැකි ආපනශාලා යනාදී පහසුකම්වලින් සමන්විත වේ. චීන හා යුරෝපීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම හෝටලය නවීකරණය කර ඇත. 
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී  සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා, ඇවෙන්රා හෝටල් සමූහයේ සභාපති ධනේෂ් ද සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya