මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පලතුරු ගම්මාන ඇති කිරීමේ ව්‍යාපෘතියක්

    අගෝස්තු 08, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පලතුරු ගම්මාන ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.ඒ අනුව මෙම වැඩසටහන යටතේ පලතුරු පැළ 37000ක් අක්කර 167ක භූමි භාගයක වගාකිරීමට සැලසුම් කර තිබේ.


    මහව අක්කර 10ක පැණිදොඩම් පැළ 3000ක් වගා කිරීමටත්, අඹන්පොළ අක්කර 50ක් තුළ කටු අනෝදා පැළ 8000ක් ද ගල්ගමුව අක්කර 20ක දෙළුම් පැළ 5000ක් ද පඩුවස්නුවර අක්කර 30ක අන්නාසි පැළ 20,000ක් ද  වගා කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ මාවතගම අක්කර 40ක රඹුටන් පැළ 1000ක් ද වගා කිරීමට ලබාදී ඇත. මෙම පැළ සියල්ල වගාකරුවන්ට නොමිලේ සපයනු ලබන බව කුරුණෑගල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya