අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් වාහන මත පැනවූ සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නැත-මුදල් අමාත්‍යාංශය

    ඔක්තෝබර් 29, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය 2019 මගින් යෝජනා කළ පරිදි මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් වන අතර, කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාළ වන්නේ නැත.


    එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත් වන්නේ නැත. මෙයට පෙර ද්විත්ව කැබ් රථද සුඛෝපභෝගී බද්දට යටත් කර තිබූ නමුදු නොවැම්බර් මස 01 දින සිට එය ඉවත් කරනු ලැබේ.


    මෙම සුඛෝපභෝගී බද්ද 2019 මාර්තු 06 දින සිට ක්‍රියාත්මක වන අතර මාර්තු 06 ට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වනු ඇත. මෙම නව රෙගුලාසි අනුව රු. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් සුඛෝපභෝගී බද්ද අයකරනු ලැබේ.

     

    දෙමුහුන් වාහන වල වටිනාකම (CIF Value) රු. ලක්ෂ 40 ඉක්මවූ විට වැඩිවන එම මුදලට සුඛෝපභෝගී බද්දක්ද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම රු. ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩි වන මුදලට ද සුඛෝපභෝගී බදු අයකරනු ලැබේ.
    මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණ වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත ය. ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 1800ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා ද සිලින්ඩර් ධාරිතාව 2300ට අඩු ඩීසල් කාර් සහ ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලබන බද්ද නොවැම්බර් මස 01 දා සිට ඉවත් කරනු ඇත. එහෙත් ඔක්තෝබර් මස 31 වැනි දා වන තෙක් ණයවර ලිපි විවෘත කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිශ්කාෂණය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වේ.

    තව ද, කුඩා ප්‍රමාණයේ වාහනවලට මෙම සුඛෝපභෝගී බදු අයනොකරන බව අවධාරණය කෙරේ. ඒ අනුව Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවේ. තව ද Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට යටත් වන්නේ නැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya