මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරුවන් හා ආයෝජකයින් රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරයි

    මැයි 09, 2019

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍ර‍ම මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන අපනයනකරුවන්ගේ හා ආයෝජකයින්ගේ ප්‍රධානත්වයෙන් රටේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් පසුගිය මැයි මස 03 වැනි සිකුරාදා අපනයන සංවර්ධන මණ්ඩලයේ ශ්‍ර‍වණාගාරයේදී සංවිධානය කරන ලදි.


    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, ගරු මලික් සමරවික්‍ර‍ම මැතිතුමා, අමාත්‍යාංශයේ ලේඛම්, එස්.ටී. කොඩිකාර මහතා , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල පී.බී. යාපා මහතා, අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්, ජීවනී සිරිවර්ධන මහත්මිය ඇතුළු ප්‍ර‍ධාන අපනයනකරුවන් සහ ආයෝජකයින් රුසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    .රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අපනයනකරුවන් හා ආයෝජකයින් දැනුවත් කළ අතර වර්තමානයේ අපනයන ක්ෂේත්‍ර‍ය තුල හා ආයෝජන ක්ෂේත්‍ර‍යේ පවතින ගැටළු මඟහරවා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටද ඉල්ලීමක් කළේ ය

    විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ අලාභය අවම කර ගැනීමට මූල්‍යාධාර ලබා දීම, විදේශීය දූත මණ්ඩල හරහා විශ්වාසය ගොඩ නැගීම ආදිය සඳහන් කළ අතර විදේශ ගැනුම්කරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ඔහු පැවසීය.

    තවද පවතින ගැටළු නිරාකරණය සඳහා අපනයනකරුවන්, සංගම්, වාණිජ මණ්ඩල ආදියෙන් සමන්විත කමිටුවක් වහාම පිහිටුවීමට යෝජනා කරන ලදී. ඒ සඳහා ටියුලි කුරේ මහතා – ජාතික ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදය, ඇන්ස්ලම් පෙරේරා මහතා - තේ වෙළෙන්දන්ගේ සංගමය, රොහාන් මාසකොරාල මහතා - ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සංගමය/ කේන්ද්‍රීය ක්‍රියාකරුවන්ගේ සංගමය, චන්න වීරතුංග මහතා – මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය, අහසාන් රිෆායි මහතා – ශ්‍රී ලංකා මැණික් හා ස්වර්‍ණාභරණ සංගමය, ජීවන් ඥානම් මහතා – ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා ආයතනයන්ගේ සංගමය (SLASSCOM), නදී කේ. අල්ගම මහත්මිය – ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින් හා අපනයනකරුවන්ගේ සංගමය (SLEMEA), රුවන් වෛද්‍යරත්න මහතා – ශ්‍රී ලංකා නාවුක ඒජන්තවරුන්ගේ සංගමය (CASA), ෂිහාම් මරික්කාර් මහතා – ජාතික අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (NCE), ශෝන් වැන්ඩෝට් මහතා – කාර්ය උපාය සේවා, ඒකාබද්ධ මෙහෙයුම් කොමිෂන් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. මෙම කමිටුව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේඛම් ගේ මුලිකත්වයෙන් කැඳවනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya