අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර නිෂ්පාදකයින්ගේ හා ගැනුම්කරුවන්ගේ හමුවක්

    ජූලි 23, 2014
    මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ගේ හා ගැනුම්කරුවන්ගේ හමුවක් හා ප්‍රදර්ශනයක් මේ මස 31 වන දින පෙරවරු 9.30 සිට පස්වරු 2.00 දක්වා මාතර නුපේ පැරණි ඕලන්ද වෙළෙඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    සැපයුම්කරුවන් අපේක්ෂා කරනු ලබන ගැනුම්කරුවන් වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. 
     
    මෙහිදී නොමිලේ ගැනුම්කරුවන්ට තම ඇණවුම් භාරදීමටත් නිෂ්පාදකයින්ට ඇණවුම් ලබාගැනීමටත් අවස්ථාව සැලසේ. ආහාරපාන, රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන, හස්ත කර්මාන්ත, ධීවර හා මත්ස්‍ය, ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, කාබනික නිෂ්පාදන, තෑගි භාණ්ඩ, කඩදාසි හා ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු අංශ ගණනාවක් යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
     
    මේ සඳහා නිෂ්පාදකයින් සිය දෙනෙකුගේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    DB/CMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya