මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටියන් රැකබලා ගන්නන්හට විශේෂ පුහුණු වැඩසටහනක්

    ජූලි 22, 2014

    වැඩිහිටියන් රැකබලා ගන්නන්හට විද්‍යාත්මක විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දිවයිනේ මේ වන විට වැඩිහිටි ජනගහනය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. වැඩිහිටි ජනගහනය ඉහළ යාම නිසා ආබාධිත තත්ත්වයන්ට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමක් සිදු විය හැකි යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධිත ගැටලු පිළිබඳ ඒකකය පවසයි.


    ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 2025 වන විට වර්තමානයට වඩා දෙගුණයකින් ඉහළ යාමේ ප‍්‍රවණතාවක් පවතී. මේ වන විට අප රටේ වැඩිහිටි ජනගහනය 12%කි. 2025 වන විට එය 21%ක්  දක්වා ඉහළ යා හැකිය. පසුගිය දශක කිහිපය තුළ මෙරට වැඩිහිටි ජනගහනයේ ක‍්‍රමික වර්ධනයක් පෙන්නුම් කරයි. 2003 08%ක්, 2013 12% ක් සහ 2025දී 21%ක් වශයෙන් එහි වර්ධනය පෙන්නුම් කරනු ඇත.


    වැඩිහිටි ජනගහනය ඉහළ යාමට බලපා තිබෙන කරුණු අතර ප‍්‍රධාන වන්නේ මෑත කාලය තුළ අප රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදු වූ දැවැන්ත සංවර්ධනයයි. සමස්ත ආයු අපේක්ෂාව ඉහළ යාම එක් හේතුවකි. මේ වන විට කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 78 දක්වාත්, පුරුෂයන්ගේ ආයු කාලය අවුරුදු 74 දක්වාත් ඉහළ ගොස් ඇත. වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟ හදිසි අනතුරු, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය හේතුවෙන් ආබාධිත තත්ත්වයන්ට ගොදුරුවන වැඩිහිටියන් රැකබලා ගැනීමේ සේවාවන් දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්තව ඇත.

    නමුත් මෙවැනි වැඩිහිටියන් රැකබලා ගැනීමේ සේවාවන්හි නිරත වන පුද්ගලයන්හට විද්‍යානුකූල පුහුණුවක් නැත. එම නිසා ආබාධිත හෝ රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ වැඩිහිටියන් රැකබලා ගැනීම, ඔවුන් පිරිසිදු කිරීම, ආහාරපාන ලබා දීම, ඇඳුම් පැළඳුම් මාරු කිරීම, ඖෂධ ලබාදීම වැනි කටයුතුවලදී වැඩිහිටියන්ට අපහසුතාවක් නොවන පරිදි එම කටයුතු සිදු කිරීම අවශ්‍ය වේ.

    මේ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමෙන් මෙම පුහුණු වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බව තරුණ, වැඩිහිටි සහ ආබාධිත ගැටලු පිළිබඳ ඒකකය පවසයි. මෙම පුහුණු වැඩසටහන දින දෙකක් පැවැත්වෙන අතර ඉදිරියේදී දිස්ත‍්‍රික් මට්ටමින් මෙම සේවාවන්වල නිරතවන පුද්ගලයන්හට මෙවැනි පුහුණු වැඩසටහන් පැවැත්වීමට පියවර ගන්නා බව ද එම ඒකකය වැඩිදුරටත් පවසයි.

    NDH/DM-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya