මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපදාවට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක ආධාර මුදලක් සහ විකල්ප ඉඩම්

    ඔක්තෝබර් 21, 2018

    ගාල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හා නායයාම්වලින් බලපෑම් එල්ලවූ නාගොඩ සහ මාපලගම ප්‍රදේශවල ආපදාවට ලක්වී නිවාස අහිමිවූ සියළු දෙනාටම විකල්ප ඉඩම් ලබාදී නැවත පදංචි කරවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාපළගම ප්‍රදේශයේදී පැවැත්විණ.

    මෙහිදී අපදාවට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක ආධාරමුදලක් සහ විකල්ප ඉඩම් ලබාදීමට රජය කටයුතු කරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    අතිපූජ්‍ය මහා සංඝරත්නය,හිනිදුම එජාප ප්‍රධාන සන්විධායක සුනිල් සේනානයක මහතා, නාගොඩ ප්‍රදේශිය ලේකම් තුමිය ඇතුළු රජයේ නිළධාරින්, ගොඩනැගිළි පර්යේෂණ ආයතනයේ නිළධාරින් සහ ආපදාවට ලක්වූ පවුල්වල ජනතාව එම අවස්ථාවට එක්වූහ.

    විකල්ප ඉඩම් හදුනා ගැනීම වෙනුවෙන් නිරීක්ෂණ චාරිකාවකටද මෙහිදී අමාත්‍යවරයා සහභාගිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya