මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර වගා ළිං කැනීම සහ පවිත්‍ර කිරීම සාර්ථකයි

    ජූලි 16, 2014

    අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ නියං තත්ත්වයට මුහුණ දීම සඳහා  වගා ළිං සංවර්ධය කර ජලය ලබා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු වෙන බව  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.


    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ 15 පැවති මාසික කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී මේ බව අනාවරණය විය. ජල හිඟය උග්‍රව බලපෑ පදවිය හා හුරුළු වැව ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ය. ඒ අනුව හුරුළු වැව ව්‍යාපාරයට අයත් ප්‍රදේශවල වගා ළිං 800ක් අලුතින් කැනීමට කටයුතු යොදා  ඇත. මෙයින් වගා ළිං 730ක  කැනීම් අවසන් කර තිබේ.

    පදවිය ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාමත් සමඟ එම ව්‍යාපාරයේ ගොවි ජනතාවට ද සහනයක් ලබාදෙමින් අලුතින් වගා ළිං 65ක කැනීම් කර තිබේ. මිට අමතරව පැවති ළිං 27ක රොන් මඩ ඉවත් කර පවිත්‍ර කිරීම ද සිදුකළ බව අනුරාධපුර නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ ය. අතිරේක බෝග වගාව ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණක් වේ.


    ECB/SB_dmu_Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya