මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පාර්ලිමේන්තුවට කෑගල්ලෙන් සභිකයන් 10 ක්

    දෙසැම්බර් 10, 2016
    2016 දෙසැම්බර් 18 දින පැවැත්වෙන යොවුන් පාර්ලිමේන්තුවේ සභිකයින් 10 ක් කෑගල්ලෙන් තෝරා ගැනීමට නියමිත අතර , ඒ සඳහා මේ වන විට තරුණ තරුණියන්  39 දෙනෙකු නාම යෝජනා බාර දී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් තරුණ සේවා කාර්යාලය සඳහන් කරයි.
    2017 – 2018 වර්ෂ සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9 න් සභිකයන් 9 දෙනෙකු ද එක් ප්‍රසාද මන්ත්‍රී ධූරයක් ද සමග දිස්ත්‍රික්කයට සභිකයන් 10 කු තේරිපත් කෙරේ. 
     
    දෙසැම්බර් මස 18 දින පෙ.ව 7 සිට ප.ව 4 දක්වා කෑගල්ලේ මධ්‍යස්ථාන 31 කදී යොවුන් පාර්ලිමේන්තුවට අදාළව කෑගල්ල දිස්ත්‍රික් මැතිවරණය පැවැත්වෙන අතර එදින සවස 4 න් පසුව එම මධ්‍යස්ථානයන්හීදී ම ඡන්දය ගණන් කිරීමට නියමිතය. 
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya