අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාරේ කාන්තාවන්ට ස්වයං රැකියා වැඩසටහන් මාලාවක්

    සැප්තැම්බර් 23, 2016
    අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ ආර්ථිකය නගාසිටුවීම සදහා නෙදර්ලන්ත ආධාර යටතේ ස්වයං රැකියා නගා සිටුවීම සදහා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරිණි.
    ඒ අනුව පසුගියදා උහන, නාවිදන්වේලි හා සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වලදී මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සිදු විය.
     
    උහන උදයගිරිය ගම්මානවල කාන්තාවන් මුල් කර ගනිමින් ඉදල්, කොසු කර්මාන්තය, බිම්මල් වගාව සහ කුකුළු පාලනය පිළිබද ස්වයං රැකියා වැඩසටහන් ආරම්භ කෙරුණු අතර උහන සේනාගම ගම්මානයේ දී මේ යටතේ ආරම්භ කෙරුණේ මැටි කර්මාන්තය මෙන්ම බයිට් නිෂ්පාදනය පිළිබදවයි.
     
    විජයපුර ගම්මානයේ දී බතික් කර්මාන්තය සදහා ද මධ්‍යම කදවුර ද්‍ර‍විඩ ප්‍රදේශ ආශ්‍රිතව සපත්තු කර්මාන්තය සදහා ද කාන්තාවන් සම්බන්ධ කර ගැනීම පිළිබද මේ යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
     
    වලතාපිටිය ගම්මානයේ දී හාල්පිටි නිෂ්පාදනය, කුකුළු පාලනය, නිමි ඇදුම් අළෙවිය සම්බන්ධයෙන් කාන්තාවන්ගේ උනන්දුව වැඩිදියුණු කරමින් ඔවුන් මෙම ස්වයං කර්මාන්ත සදහා දායක  කර ගැනීමට මෙම වැඩසටහන යටතේ කටයුතු කරයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya