අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිපිදූ හා ආබාධිත වූ රණවිරුවන්ගේ දරුවන් 70 දෙනකුට ශිෂ්‍යත්ව

    සැප්තැම්බර් 24, 2016
    යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ගේ දූ දරුවන් 70 දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී, ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ  සහ රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී උපුලාංගනී මාලගමුව මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
    ඌව පළාත් රණවිරු අධිකාරිය මඟින් රණවිරු දූ දරුවන්ට අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුකිරීම ගැන සිය ස්‌තුතිය පළකළ ආණ්ඩුකාරවරයා  ශ්‍රී ලාංකික ජනයා අපේ රණවිරුවන් කෙරෙහි දක්‌වන ආදරය හා කෘතවේදීත්වය අගය කරන බවද පැවසීය. 
     
    තවද ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සුරක්ෂිත කරනු වස් ජීවිත පුද කළ, අතුරුදන්, ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ මානසික හා සමාජීය ස්ථාවරත්වයක් ඇති කිරීමත් සේවයේ නියුතු රණවිරුවන් සහ එම පවුල්වල මානසික ප්‍රබෝධයක් ඇති වන අයුරින් ක්‍රියා කිරීම පිළිබඳව රණවිරු සේවා අධිකාරිය වෙත තම කෘතඥතාවය එක් කරන බවද ප්‍රකාශ කරන ලදී.
     
    මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya