මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරන් කුඹුරු අස්වැද්දීමට සිවිල් ආරක්ෂක බලකායේ සහාය

    ජූලි 23, 2016
    ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කෘෂිකාර්මික කටයුතු ඉහළ නැංවිමේ අරමුණින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මහනුවර දිස්ත්‍රික්කයේ පුරන්කුඹුරු අස්වැද්දීම සදහා ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු යොදා තිබේ. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහාය ලබා ගැනීමටද සැළසුම් කොට තිබේ. 
    මෙම කරුණු අනාවරණය වූයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
     
    අස්වැද්දීමට බලාපොරොත්තු වන මෙම කුඹුරු ඉඩම් වල හැකිතාක් දුරට කාබනික පොහොර භාවිතා කරමින් සාම්ප්‍රදායික වී වගාව සිදු කිරීමට සැළසුම් කොට ඇති බව පැවසූ මූලස්ථාන ගොවිජන සංවර්ධන නිලධාරී ආර්.එස්. ඩබ්. එච්. ආරියරත්න මහතා එසේ වගා කරන වී අස්වැන්නෙන් ලබා ගන්නා සහල් වලට පාරිභෝගික ජනයාගේ ඉල්ලුමක් පවතින බවද පැවසීය. මෙම වගා වැඩසටහන යටතේ වී වගාවට අමතරව වෙනත් වගාවන් සදහාද පුරන්කුඹුරු භාවිතා කිරීමට බලාපොරොත්තු වේ.
     
    මීට අමතරව ගොවිජනතාව වෙත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නිලධාරීන්ගේ අත්‍යවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමටද සැළසුම් කොට තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සේවය කරන සෑම කෘෂිකර්ම උපදේශකවරයෙකුටම ලැප්ටොප් පරිගණකයක්, මල්ටි මීඩියා ප්‍රක්ෂේපන යන්ත්‍රයක් සහ ඩිජිටල් කැමරාවක් ලබාදීමට කටයුතු යොදා ඇති අතර, එම උපකරණ යොදා ගෙන කෘෂි උපදේශකවරුන්ට ක්ෂේත්‍ර පර්යේෂණ සහ ගොවිජනතාව දැනුවත් කිරීම් ඇතුළු කාර්යයන් පහසුවෙන් ඉටු කළ හැකිය. අදාල උපකරණ ලබා දීම මේ වසර අවසන් වීමට සිදු කිරීමට කටයුතු යොදා ඇත.
     
     AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya