මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල මෙහෙවර ජංගම සේවා ‍‍වැඩ සටහන ජූලි 7 දා ඇළහැර දී

    ජූලි 04, 2016
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ජූලි මාසය තුල ක්‍රියාත්මක කෙරෙන නිල මෙහෙවර ජංගම සේවා ‍‍වැඩ සටහන් මාලාවේ දෙවන ජංගම සේවාව ජූලි 7 වන දින ඇළහැර දී පැවැත්වේ.
    මහජනතාවට වඩාත් සමීප රාජ්‍ය සේවාවක් කඩිනමින් ලබාදීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙම සේවාව ක්‍රියාවට නංවා තිබේ.  ආයතන අතර මහා අන්තර් සම්බන්ධතාවය තුලින් ජනතා ප්‍රශ්ණ සඳහා කඩිනම් විසඳුම් ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.
     
    ඒ අනුව  හිගුරක්ගොඩදී  ජූලි 08 සහ 09 දින ද, වැලිකන්ද ජූලි 12 දින ද, දිඹුලාගල ජූලි 16 විලයාය මහා විද්‍යාලයේ දී ද, ලංකාපුර ජූලි 17 , තමන්කඩුව ජූලි 22, 23 යන දිනයන්හි ජංගම සේවාවන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    සමස්ථ පොළොන්නරුව දිස්ත්‍රික්කයම ආවරණය කරමින් දිස්ත්‍රික් ජංගම සේවා වැඩසටහන 2016 ජූලි 30 වන දින පොළොන්නරුව රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  එදින ජංගම සේවා සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    AP/DMU-Polonnaruwa
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya