මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට ගැමි නිවාස කමිටු 3,196ක්

    ජූලි 03, 2016
    ග්‍රාමීය මට්ටමේ  නිවාස  ගැටලු හදුනාගනිමින්  ඒවාට  කඩිනමින් විසදුම් ලබාදීමේ අරමුණින්   කුඩා ගම්මාන මට්ටමින් ගැමි නිවාස කමිටු පිහිටුවීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවාස ප්‍රශ්නයෙන් පීඩාවිදින  පුද්ගලයන්ගෙන් ගැමි නිවාස කමිටුව සමන්විත වන  අතර  ග්‍රාමීය මට්ටමේ නිවාස අවශ්‍යතා හදුනා  ගැනීම හා ප්‍රමුඛතාවය ලබාදිය යුතු පවුල් හදුනාගැනීම මෙම කමිටුවේ විශේෂ වගකීමක් වේ. 
    මෙම ගැමි නිවාස  කමිටුව මගින් හදුනාගත් නිවාස අවශ්‍යතාවයන් සදහා කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන බවත්  පැවසු අමාත්‍යවරයා මෙම ගැමි නිවාස කමිටු  කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතු බවද පෙන්වාදෙන ලදී.   2025 වන විට නිවාස ප්‍රශ්නයෙන් පීඩාවිදින  සියළු දෙනාට   නිවසක් ලබාදීමේ ඉලක්කය කරා ලගාවෙන බවත් අමාත්‍යවරයා පවසන ලදී. 
     
    සැමට සෙවන ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ  අඩු ආදායම්ලාභි පවුල්  1,017ක්  වෙනුවෙන්   රුපියල් මිලියන 173න් වටිනා ණය චෙක්පත්  ප්‍රදානය කිරිමේ  උත්සවයකට සහභාගි වෙමින්  අමාත්‍යවරයා මෙම අදහස් පලකළේය.
     
    පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙකු  වශයෙන් තමාට හිමිවන වාහන, ඉන්ධන, ඇතුලු විවිධ වියදම් වෙනුවෙන් හිමිවන  රුපියල් 360,000ක මුදල  මාසිකව   නිවාස නොමැති අසරණ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම වෙනුවෙන්  අරඹා ඇති  සෙවන අරමුදලට බැර කරන බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    AP/DMU-Kandy 
       
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya