අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුම නිලධාරීන්ගේ උසස්වීම් කඩිනමින් ලබාදීමට පියවර ගැනේ.

    ජූලි 01, 2016
    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීම කඩිනමින් විසදීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතින බව සමාජ සවිබල ගැන්වීමේ සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ සබරගමුව පළාත් සභා ශ්‍රවනාගාරයේ දි පැවති රත්නපුර දිස්ත්‍රික්කයේ දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති නීතිගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩමුළුවකදීය. 
     
    මෙහිදී තව දුරටත් කතා කළ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා, සහනාධාරය දුප්පත්කම නැතිකිරීම සඳහා පිළියමක් නොවේ. එහෙත් දුප්පත් මිනිසුන් මනසින් බැඳ තබා ගැනිමට අවශ්‍ය දෙයක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙනවා. දිවිනැගුම නිලධාරින් ඔවුන් සමඟ ජිවත්වන ඔවුන්ගේම අයෙකු විය යුතු බවත් පෙන්වා දුන්නේය.ඒ තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකිවන බව ද පැවසීය.
     
    දිවිනැගුම බැංකු සංගම් 1,024 ක් තිබෙන අතර ඒවාට අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් හා පොදු පහසුකම් ද නව ඉදිකිරිම් හා අලුත්වැඩියාවන්ද කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසිය.
     
    රත්නපුර දිස්ත්‍රික්කයේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ විවිධ විෂය ‍ක්ෂේත්‍ර ඔස්සේ රාජකාරි කටයුතු කරන සියලුම නිලධාරින් දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා සමිති නීතිගත කිරිමේ ක්‍රමවේදය පිළිබඳව නිසිපරිදි දැනුවත් හා අවබෝධවත් වීමෙන් ජනතාවට වඩාත් හොඳ සේවයක් ඉදිරි වැඩපිළිවෙල යටතේ ලබා දිය හැකි යයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මෙහිදී පැවසීය. 
     
    තවදුරටත් කතා කළ ඒ මහතා , ඉදිරි වැඩ හා ප්‍රගති සමාලෝචනය ද මේ දිස්ත්‍රික් රැස්වීමේ දී අමාත්‍යවරයා හා සාකච්ඡා කිරිමට ඔබට අවස්ථාව ලැබී තිබෙනවා.පසුගිය කාලයේ දී සුවිශේෂි නිර්මාණශීලි හැකියාවන්ගෙන් යුත් එහෙත් දුගී භාවයෙන් පීඩිතව සිටි ශිල්පීන් කිහිපදෙනෙකුටම දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සහයෙන් අත්වැලක් ලබාදීම ද අපට හැකි වීම සතුටට කරුණක් බවද පැවසීය. 
     
    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නව පෙළගැස්ම යටතේ වූ දැක්ම සහ මෙහෙවර අනුව සමාජ සවිබල ගැන්වීමේ සහ සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දුගී දුප්පත් භාවය තුරන් කර ගැනීමට ක්‍රියාකරලීම අප හැමගේම යුග යුතුකම බවත් ඒ සඳහා කැපවීමෙන් යුතුව ක්‍රියා කරන මෙන් තමා සියලු නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය භානු මුනිප්‍රිය, සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, දිවිනැගුම සංවර්ධන දෙපාර්කමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආර්.ඩබ්.ඒ.කුමාරසිරි,  රත්නපුර දිවිනැගුම අධ්‍යක්ෂ ධම්මික සතරසිංහ යන මහත්වරුන් ද  රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, දිවිනැගුම කළමනාකරුවන් සහ දිවිනැගුම සංවර්ධන නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියහ.   
     
    මෙම වැඩමුළුව රත්නපුර දිස්ත්‍රික් දිවිනැගුම කාර්යාලය මගින් සංවිධානය කර තිබිණි. 
     
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya